Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

10th April 2023 10:36:58 Hours

32 වන සංවත්සරය සැමරූ 3 ශ්‍රීලයුපොහේබ

3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකා සංවත්සර දිනයට සමගාමීව 2023.03.22 වන දින අනුරාධපුර රියෙන්සි අලගියවන්න විශේෂ ලමා පාසලේ නේවාසිකව සිටින විශේෂ අවශ්‍යතා සිහත දරු දැරියන් වෙත දිවා ආහාර වේලක් සහ ඔවුන්ගේ අවශ්‍යතාවයන් පරිදි සුදුසු සනීපාරක්ෂක භාණ්ඩ බෙදාදීම ඇතුලු වැඩසටහන් මාලාවක් පවත්වන ලද අතර, ඒකකයේ රාජකාරි කරනු ලබන නිලධාරි/සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් යුතුව ධර්ම දේශණයක් පැවැත්වීමට කටයුතු කරන ලදී.

තවද සංවත්්සර දිනය වෙනුවෙන් 2023.03.27 වන දින එම ඒකක අණදෙන නිලධාරි වන මේජර් එම්ඩීඑස්යුකේ වීරසිංහ යුඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සම්ප්‍රදායානුකූලව අභිමානවත් කඳවුරු මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී. ඉන් අනතුරුව සියලු නිලයින්ගේ සහභාගිත්වයෙන් යුතුව දිවා භෝජන සංග්‍රහයක්, සුහද හමුවක් හා සංගීත ප්‍රසංගයක් පවත්වන ලදී