Skip to main content
Header Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය
ආදර්ශයෙන් පෙරමුණ ගනිමු
ENGLISH
සිංහල
Toggle navigation
මුල් පිටුව
පත්වීම්
කර්නල් සේනාවිධායක
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්ෂක අධ්‍යක්ෂක
රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක
රෙජිමේන්තු සැරයන් මේජර්
ඉතිහාසය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකා ඉතිහාසය
හිටපු කර්නල් සේනාවිධායකවරුන්
හිටපු විනයාරක්ෂකාධිපතිවරුන්
හිටපු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනා විධායකවරුන්
අතීත මතකයන්
සංවිධානය
විනයාරක්ෂක අධ්‍යක්ෂක මණ්ඩලය
රෙජිමේන්තු මධ්‍යස්ථානය
පුහුණු මධ්‍යස්ථානය
පොලිස් හේවා බළකා ඒකක
හිටපු යුධ හමුදා පොලිස් නිලධාරීන්ගේ සංගමය
සඟරාව
ක්‍රීඩා සහ මලල ක්‍රීඩා
මාධ්‍ය එකතුව
රූප එකතුව
අමතන්න
කර්නල් සේනාවිධායක
රෙජිමේන්තු මධ්‍යස්ථානය
රෙජිමේන්තු
11th January 2021 12:21:57 Hours
3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නවතමයෙන් ඉදි කරන ලද "තුරු අරණ" සෙසුනිල නිවාඩු නිකේතනය හා රෙජිමේන්තු සැරයන් මේජර් නේවාසිකාගාරය විවෘත කිරීම
3 ශ්‍රීලයුපොහේබ ඒකකය තුල නවතමයෙන් ඉදි කරන ලද "තුරු අරණ" සෙසුනිල නිවාඩු නිකේතනය හා රෙජිමේන්තු සැරයන් මේජර් නේවාසිකාගාරය 2021 ජනවාරි මස 09 වන දින ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස (උතුරු මැද) මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති වන මේජර් ජෙනරාල් එල්පීආර් ප්‍රේමලාල් යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සුරතින් විවෘත කරන ලදී. උත්සවය ආරම්භයේදි 3 වන ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි වන ලුතිනන් කර්නල් ඩබ්එම්ටීජීඒපී විජේකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් බලකාධිපතිතුමන් ඉතා උණුසුම්ව පිළිගන්නා ලද අතර, අනතුරුව විවෘත කිරිම සිදු කරන ලදි. එහිදි බලකාධිපති තුමන් විසින් සියලු නිලයින් ඇමතීමක්ද සිදු කරන ලද අතර, එහිදි ශ්‍රීලයුපොහේබ ක්ෂේත්‍ර රාජකාරි ඉටුකිරීම, විමර්ශන සිදුකිරීම හා විනය උසස් මට්ටමකින් පවත්වා ගැනීම හා පාලන රාජකාරි සබැඳිව දැනුවත් කරන ලදී. මෙම අවස්ථාව සදහා ඉනපෙ (උ/මැ) මානි 1 ලුතිතන් කර්නල් එම්එම්එම්පී මහේෂ් කුමාර, 4 ශ්‍රීලයුපොහේබ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ආර්ආර්පී පෙරේරා, 5 ශ්‍රීලයුපොහේබ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් පීඩීඅයි පෙරේරා යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් පිරිසක් සහ රෙසැමේ ඇතුළු සෙසුනිලයින් පිරිසක්ද සහභාගී වන ලදී.