Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

06th December 2018 11:24:19 Hours

3 ශී‍්‍රලයුහපොහේබ 27 වන සංවත්සරයට සමගාමීව පැවති ලේ දන්දීමේ වැඩසටහන

දන් දීම හෙල සංස්කෘතියේ එදා සිට පැවත එන උතුම් පුන්‍ය කර්මයකි. එය අදද නොමියව පවතින බවට මෙය කදිම නිදසුනකි. අකාලයේ මරු තුරුලට යන අහිංසක ජීවිත දහස් ගනනක් ජීවත් කිරීමට ඔබ අප ලබා දෙන ඒ කුඩා ලේ බිදුවට හැකිය. විවිධ රෝග වලින් පීඩා විදින හා හදිසි අනතුරු වලට ලක්ව ලේ අවශ්‍ය වන රෝගින් වත්මන් කාලය තුල ඉහල ගොස් ඇත. මේ නිසා අද වන විට අවශ්‍ය ලේ ප‍්‍රමාණය දිනෙන් දින ඉහල යමින් පවති. එසේ හෙයින් 2018/03/22 වන දිනට මෙම ඒකකය ආරම්භ වී වසර 27 ක් සපිරීම නිමිත්තෙන් සහ ජාතික රුධිර සංචිතයට සවියක් වනු පිණිස අනුරාධපුර මහ රෝහලේ රුධිර පාරවිලන මධ්‍යස්ථානයේ අනුග‍්‍රහය ඇතිව ලේ දන්දීමේ වැඩසටහනක් 2018/11/27 වන දින මෙම ඒකක පරිශ‍්‍රයේදි රුධිර දායකයින් 117 කගේ සහභාගීත්වයෙන් යුතුව ලේ දන්දීමේ වැඩසටහන ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී.