Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

26th April 2018 11:38:08 Hours

28 වන රෙජිමේන්තු දින සංවත්සරයට සමගාමීව පැවැති පීරිත් සජ්ජායනය හා දානමය පිංකම

28 වන රෙජිමේන්තු දින සංවත්සරයට සමගාමීව ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙතින් සංවිධානය කරන ලද පිරිත් සජ්ජායනය හා දානමය පිංකම 2018 අපේ‍්‍රල් මස 19 වන දින රට වෙනුවෙන් දිවිපිදු, රණක්‍ෂිතයට පත්, විශ‍්‍රාමික හා සේවයේ නියුතු විනයාරක්‍ෂක රණවිරුවන් සිහිකරමින් පවත්වන ලදි. මෙම පිංකමට සමගාමීව මහා සංඝරත්නයේ සෙත් පිරිත් මධ්‍යයේ රෙජිමේන්තු මධ්‍යස්ථානය තුල අභිනවයෙන් ඉදිරිකරන ලද බුදුමැදුරෙහි බුදුපිළිමයක් තැන්පත් කර සියලු නිලයින්ගේ වන්දනාමාන කටයුතු සඳහා රෙජිමේන්තු බලකාධිපති බි‍්‍රගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් විවෘත කරන ලදි.