Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

28th August 2018 14:58:57 Hours

18 වන ඒකක දින සංවත්සරය - යුද හමුදා පොලිස් පුහුණු පාසල

යුද හමුදා පොලිස් පාසල හි 18 වන ඒකක දින සංවත්සරය 2018.08.13 වන දිනට යෙදි තිබූ අතර එයට සමගාමීව වැඩසටහන් මාලාව සිදු කරන ලදි. 2018.08.11 වන දින පස්වරුවේ ආගමික වතාවත්වලට මුල්තැන වසර 18 ක් සපිරුණු පුහුණු පාසල් සංවත්සර දිනට ආශිර්වාද එක්කරමින් දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් හට පිං අනුමෝදම් කිරිම හා සෙත් පැතීම මෙන්ම මෙම රෙජිමේන්තුවේ සියලූම අයවලූන් හට සෙත් පැතීම සඳහා සේනාවිධායකගේ ප්‍රධානත්වයෙන් කඳවුර ඉදිරිපිට බෝධින් වහන්සේ අභියසදි බුද්ධ වන්දනා වැඩසටහනක් පවත්වන ලද අතර, 2018.08.13 වන දින සේනාවිධායක වෙත සම්මාන මුරයක් පිරිනමන ලද අතර එය සනිටුහන් කරමින් සේනාවිධායක විසින් පැළ රෝපණය කිරිමක්ද සිදුකරන ලදී. ඉන් අනතුරුව සංවත්සර දිනය නිමිත්තෙන් සියළු නිල දිවා භෝජන සංගර පැහයක් එක්වු අතර පුහුණු පාසල් කාර්්ය මණ්ඩලය සමගින් සමූහ ඡුායාරූපයක් සඳහාද එක්වන ලදී.