Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

24th February 2019 11:35:51 Hours

හන්තානට පායන සඳ - සේවා වනිතා ශාඛාව

ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ අරමුදල් ඉහළ නැංවීම සඳහා සංවිධානය කරන ලද සංගීත වැඩ සටහන 2019 පෙබරවාරි 16 වන දින කොළඹ ආරක්‍ෂක විද්‍යාලීය ශ‍්‍රවණාගාරයේදි පවත්වන ලදී. මෙම වැඩ සටහන වර්ණවත් කිරිම සඳහා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය වරුණි උභයවර්ධන මැතිණියගේ ආරාධනය පරිදි කර්නල් සේනාවිධායක/ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති (කිලිනොච්චිය) මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි තුමන් සහභාගි වන ලදි. ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ එම මැතිණියන් මෙන්ම සෙසුනිලයින්ද මෙම වැඩ සටහනට සහභාගි වු අතර මෙම වැඩ සටහන ”හන්ටතානට පායන සඳ” නමින් මහාචාර්ය ධම්මික බංඩාර මහතා විසින් මෙහෙයවන ලදී.