Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

22nd December 2020 17:17:45 Hours

සහතික පත් ප්‍රධානෝත්සවය - මූලික ඡායාරූපකරණ පාඨමාලාව අංක 1

ශ්‍රි ලංකා යුද්ධ හමුදාව තුල ඡායාරූප ශිල්පී සේවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය මගින් ඉටු කරනු ලබන අතර, දැනට මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානය තුල සිටින ඡායාරුප ශිල්පීන් සංඛ්‍යාව සීමිත බැවින් ඉදිරියේදී පැවරෙන ඡායාරූප සේවාවන් ගුණාත්මකභාවයකින් ඉටු කිරිම සදහාත් නවකයින් ඡායාරූප වෘත්තීය සදහා යොමු කිරිමේ අරමුණින් ඒකක මට්ටමින් නාමයෝජනා ගෙන්වා එයින් තෝරාගත් 17 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සදහා මුලික ඡායාරුපකරණ පාඨමාලාව අංක 01 රෙජිමේන්තු මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන ලදී.

දින 14 ක නේවාසික පාඨමාලාවක් වශයෙන් මුලික ඡායාරූපකරණ හා විඩියෝකරණ විෂය නිර්දේශයක් ආවරණය වන පරිදි න්‍යායාත්මක හා ප්‍රාෙයා්ගික පාඨමාලාවක් වශයෙන් පැවැත්වු මෙහි සහතිකපත් ප්‍රධානෝත්සවය මෙම රෙජිමේන්තුවේ බලකාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2020 දෙසැම්බර් මස 17 වන දින පවත්වන ලදී.

පාඨමාලාව සාර්ථකව හදාරණු ලැබු සිසුන් 17 දෙනෙකු සහතික පත් ලබාගත් අතර, එහිදී පාඨමාලාවේ ප්‍රථම ස්ථානය හා දක්ෂතම ඡායාරූප ශිල්පියා ලෙස සෙ/679766 කෝප්‍රල් වනසිංහ ඩබ්එම්එස්බි - 2 ශ්‍රීලයුපොහේබ හිමි කර ගන්නා ලදී. මෙම අවස්ථාවට මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඇතුලු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අනෙකුත් නිළධාරින් හා සෙසුනිලයින් පිරිසක් සහභාගි විය.