Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

23rd January 2025 14:21:43 Hours

ශ්‍රී ලංකා හමුදා පොලිස් බලකායේ කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් යූ එල් ජේ එස් පෙරේරා ආර්එස්පී යූඑස්පී එන්පීඑස් පීඑස්සී රාජකාරි ආරම්භ කිරිම

මේජර් ජෙනරාල් යූ එල් ජේ එස් පෙරේරා ආර්එස්පී යූඑස්පී එන්පීඑස් පීඑස්සී ශ්‍රී ලංකා හමුදා පොලිස් බලකායේ කර්නල් සේනාවිධායක ලෙස 2025 ජනවාරි 10 වන දින ආගමික වතාවත් මධ්‍යයේ නිල වශයෙන් රාජකාරි ආරම්භ කරන ලදී.
කර්නල් සේනාවිධායක තනතුර භාරගැනීම වෙනුවෙන් යුද්ධ හමුදා සම්ප්‍රධායානුකූලව 2025 ජනවාරි 16 වන දින කඳවුරු සම්මාන මුරයක්, සම්මාන පෙළපාලියක්, පැළයක් සිටුවීම, භට පිරිස් ඇමතීම, සියලු නිල තේ පැන් සංග්‍රහයක් සහ කඳවුරු සංචාරයකින් සමන්විත උත්සව උත්සවයක් පවත්වන ලදි.
මෙම උත්සවය සඳහා රෙජිමේන්තු නිලධාරින් සහ සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගිවිය.