Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

12th December 2022 11:02:32 Hours

ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් බලකා සේවා වනිතා ශාඛාවේ ‘අබිමන්සල-1’ අනුරාධපුරයේ සුවතා නිකේතනයේ නිරීක්ෂණ චාරිකාව

ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛා ගරු සභාපතිනි ඉනෝකා ඉලංගකෝන් මැතිණියගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ අභිමංසල 1 සුව සහන මධ්‍යස්ථාන සංචාරය 2022 දෙසැම්බර් මස 02 වන දින සිදු කරන ලදි. එහිදී රණක්‍ෂිතයට පත් හමුදා සාමාජිකයින් සඳහා තේ පැන් සංග්‍රහයක් පවත්වන ලද අතර, ඔවුන්ගේ රසවින්දනය උදෙසා සංගීත වැඩසටහනක්ද ඉදිරිපත් කරන ලදි.
තවද එම වීරෝධාර හමුදා සාමාජිකයින් හට ත්‍යාග ප්‍රධානයක් සිදු කරන ලද අතර, එම ආයතනයේ උන්නතිය උදෙසා උපකරණ කිහිපයක් ලබාදීමද සිදු කරන ලදි. තවද ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් අනුරාධපුර ප්‍රදේශයේ තෝරාගත් දිලිදු පවුල් කිහිපයක් වෙත ඇඳන් පරිත්‍යාගයක් සිදු කිරීම 3 වන යුද හමුදා පොලිස් හේවා බලකා කඳවුරේ දී සිදු කරන ලදි. එම වැඩසටහන් මාලාව සදහා ආඥාපති ඉනපෙ (මුලතිව්) සහ ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපතිතුමන් වන මේජර් ජෙනරාල් ඒ එල් ඉලංගකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් රැසක් සහභාගි විය.