Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

01st April 2025 11:53:00 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා 35 වන රෙජිමේන්තු දින සංවත්සරයට සමගාමීව සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් පැවැත්වීම.

35 වන රෙජිමේන්තු දින සංවත්සරය සමගාමීව, 2025 මාර්තු 27 වන දින රාත්‍රී පිරිත් සඡ්ඡායනයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සංවිධානය කරන ලදී. මෙම උත්සවයේ අරමුණ වූයේ මියගිය රණවිරුවන්, සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින්, විශ්‍රාමික නිලධාරීන් සහ සෙසු නිලයින් සහ රෙජිමේන්තුවේ සිවිල් කාර්ය මණ්ඩලයට ආශිර්වාද කිරීමය. මෙම උත්සවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද සේවා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් යූඑල්ජේඑස් පෙරේරා ආර්එස්පී යූඑස්පි එන්පිඑස් පිඑස්සි ගේ මඟ පෙන්වීම යටතේ පැවැත්විණි.
පිරිත් සඡ්ඡායනය වර්ණවත් පෙරහැරකින් ආරම්භ වූ අතර, තුවාල ලැබූ සහ මියගිය රණවිරුවන්ට ඔවුන්ගේ පවුල්වලට ආශිර්වාද කරමින් ධර්ම දේශනාවක් පවත්වන ලදී. පසුව පිරිත් සඡ්ඡායනය ආරම්භය සිදු කරන ලදි. උදෑසන රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී ගෞරවනීය භික්ෂූන් වහන්සේලා 20 නමක් සඳහා දානමය පුණ්‍යකර්මයක් පවත්වන ලදී.
ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද සේවා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් යූඑල්ජේඑස් පෙරේරා ආර්එස්පි යූඑස්පි එන්පිඑස් පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්ෂකාධිපති බ්‍රිගේඩියර් ආර්ඩී සලේ එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරි මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්එම්එම්පී මහේෂ් කුමාර ජ්‍යෙෂ්ඨ නිධාරි මෙන්ම අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, නිලධාරිනියන්, සෙසුනිලයින් හා මියගිය රණවිරුවන්ගේ ලගම ඥාතීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වන ලදි.