Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

21st June 2022 18:35:41 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව හා විශේෂ විමර්ශන ඒකකය එක්ව ගැබිණි මව්වරු සඳහා පෝෂණ මලු බෙදාදීම

විශේෂ විමර්ශන ඒකකය සහ යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ එකතුවෙන් සේවා වනිතා ශාඛාවේ වාර්ෂික වැඩසටහන් මාලාවට සමගාමීව 2022 ජුනි මස 10 වන දින ගැබිණි මව්වරු 20 දෙනෙකු සඳහා පෝෂණ මලු බෙදාදීමේ විශේෂ උත්සවයක් සංවිධානය කරන ලද අතර, මෙම වැඩසටහන සඳහා පූර්ණ මග පෙන්වීම මෙම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි ඉනෝකා ඉලංගකෝන් මැතිණිය විසින් සිදු කරන ලදී. එම වැඩසටහනට අනුව ගැබිණි මවුවරුන් හට ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට ලබාදුන් අතර, වැඩසටහන අවසානයේ ගැබිණි මව්වරුන් හට දිවා ආහාරය ලබාදීමට කටයුතු කරන ලදී. මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රහය විශේෂ විමර්ශන ඒකකය වෙතින් සිදු කරන ලදී.