Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

28th December 2022 11:20:40 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් සංවිධානය කරන ලද නත්තල් සැමරීමේ උත්සවය හා පාසැල් උපකරණ බෙදාදීමේ වැඩසටහන

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛාව විනයාරක්ෂක සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල් සමාජිකයින් සහභාගි කරවා ගනිමින් අසිරිමත් නත්තලට සමගාමීව පාසල් උපකරන බෙදාදීමේ වැඩසටහනක් හා රෙජිමේන්තු නත්තල් බැති ගී කණ්ඩායම සහභාගි කරවා ගනිමින් බැති ගී සංදර්ශණයක් 2022 දෙසැම්බර් මස 23 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි පවත්වන වන ලද අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ඉදිරි නඩත්තු පෙදෙස (මුලතිව්) ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඒ එල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ සේවා වනිතා ශාඛාවේ සභාපතිණිය ඉනෝකා ඉලංගකෝන් සහභාගි වන ලදි.
මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගි වූ විනයාරක්ෂක පවුලේ සාමාජිකයින්ගේ දුවාදරුවන් වෙනුවෙන් පාසැල් උපකරණ හා ත්‍යාග ලබාදීමක්ද සිදුකරන ලද අතර, මෙම වැඩසටහන 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ අධීක්ෂණය යටතේ සිදුකරන ලදි.