Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

21st July 2022 09:17:52 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහන

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව සහ ජාතික රුධිර පාරවිලයන සේවය එක්ව සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහන 2022 ජුලි මස 06 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේදී පවත්වන ලදී.

7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අනුග්‍රාහකත්වයෙන් පවත්වන ලද මෙම වැඩසටහන සඳහා 100 කට වැඩි පිරිසක් රුධිරය පරිත්‍යාග කිරීමෙන් දායකත්වය ලබාදෙන ලදී. සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි ඉනෝකා ඉලංගකෝන් මැතිණිය ඇතුලු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් මෙම වැඩසටහන සඳහා සහභාගී වු අතර, ජාතික රුධිර පාරවිලයන සේවයේ වෛද්‍ය මණ්ඩලයක්ද මෙම වැඩසටහනේ සාර්ථකත්වය සඳහා තම දායකත්වය ලබාදෙන ලදී.