Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

31st August 2020 17:53:09 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ 20 වන වාර්ෂික මහා සභා රැස්විම - 2020

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ 20 වන වාර්ෂික මහා සභා රැස්විම 2020.08.29 වන දින හෝරා 0900ට රෙම ශ්‍රීලයුපොහේබ නිලධාරි නිවස්නයේදි ගරු සභාපතිනි රත්නමාලි ප්‍රේමලාල් මැතිණිය හා හිටපු සභාපති තුමියන් 08 දෙනෙකු ඇතුලු සමාජිකාවන් 46 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුව පවත්වන ලදි.

මුල් අධියර වශයෙන් වාර්ෂික මහ සභා රැස්වීම පවත්වන ලද අතර එහිදි නව තනතුරු සදහා සමාජිකාවන් පත්කර ගැනිමෙන් පසු ඉදිරි වර්ෂවල ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් පිලිබද සාකච්ඡා කරන ලදි. අනතුරුව තේ පානයෙන් පසුව වත්මන් සභාපති තුමිය විසින් පැරණි සභාපති තුමියන් 08 දෙනා සාදරයෙන් පිලිගෙන වාර්ෂික මහා සහා රැස්විමේ දෙවන අධියර සඳහා පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව වැඩසටහන ආරම්භ කරන ලදි.

එහිදි කාන්තාවන් සදහා පෞර්ෂය වර්ධනය කිරීමේ දේශනයක් කළමාණාකාර අධ්‍යක්‍ෂක ඔලෑන්වේ භාෂා හා තාක්ෂණික ආයතනනේ නිර්මාතෘ අරුණි වික්‍රමගේ මහත්මිය විසින් පැවැත්වු අතර එය 4 ශ්‍රීලයුපොහේබ ඒකකය වෙතින් සංවිධානය කරන ලදි. ඉන් පසු හිටපු සභාපතිනියන් ඇතුලු සියලු සමාජිකාවන්ගේ සමුහ ඡායාරූපයට පෙනි සිටිමෙන් අනතුරුව දිවා ආහාරයෙන් පසු දිනයේ වැඩසටහන නිමාවිය