Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

17th May 2022 10:40:16 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා‍ සේවා වනිතා ශාඛාව හා 6 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය එක්ව “ළදනි ළමා නිවාසයෙහි” දැරියන් වෙනුවෙන් සිදුකරන ලද ත්‍යාග පිරිනැමීමේ වැඩසටහන

මුලතිව් සිලාවත්ත ප්‍රදේශයෙහි ර්‍ණළදනි” ළමා නිවාසයෙහි දැරියන් වෙත ත්‍යාග පිරිනැමීමේ විශේෂ උත්සවයක් 2022 මැයි මස 03 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව හා 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය එක්ව සංවිධානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක වන මේජර් ජෙනරාල් අනිල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හා 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී ඇතුලු නිලධාරීන් හා සෙසුනිලයින් සහභාගී වන ලදී. මෙම වැඩසටහන සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණිය වන ඉනෝකා ඉලංගකෝන් මැතිණියගේ මගපෙන්වීම යටතේ සිදුකරන ලදී. අනතුරුව අවසානයේ සියලු සාමාජිකයින් එක්ව දිවා භෝජන සංග්‍රහයක් පවත්වා වැඩසටහන සිහිවීම වස් සමූහ ඡායාරූපයක් ලබාගන්නා ලදී.