14th April 2025 00:21:10 Hours
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ සැබෑ අරුත සහ හෘදයාංගම කෘතඥතාව පළ කිරීමේ ඉරියව්වක් ලෙස, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙනුවෙන් කැපවූ සිවිල් කාර්ය මණ්ඩලයට තෑගි වවුචර් බෙදා හැරීම සංවිධානය කරන ලදි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හමුදා ලේකම් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් යූඑල්ජේඑස් පෙරේරා ආර්එස්පී යූඑස්පී එන්පීඑස් පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිවිල් සේවක මහත්ම මහත්මීන් හට තෑගි වවුචර් ප්රදානය කරන ලද අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක වන බ්‍රිගේඩියර් එම්එම්එම්පී මහේෂ් කුමාර යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර් ද, මෙම අවස්ථාවට එක්විය.
මෙම වව්චර් ත්‍යාග ප්රදානය 2025 අප්‍රේල් 11 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිදුකරන ලද අතර, එම අවස්ථාවේදී, ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදා ලේකම් සහ ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් යූඑල්ජේඑස් පෙරේරා ආර්එස්පී යූඑස්පී එන්පීඑස් පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිවිල් සේවක මහත්ම/මහත්මීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට සිය උණුසුම් අලුත් අවුරුදු සුබ පැතුම් එක් කළ අතර සිවිල් සේවක මහත්ම/මහත්මීන්ගේ නොසැලෙන කැපවීම සහ අමිල දායකත්වය වෙනුවෙන් තම අවංක කෘතඥතාව පළ කළේය.