14th October 2025 16:04:39 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අලුතින් උසස්වීම් ලැබූ බලලත් නිලධාරීන්ට 2025 ඔක්තෝබර් 11 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ පැවති උත්සවයකදී නිල උසස්වීම් ලද බලලත් නිලධාරින් වෙනුවෙන් නව නිලයන් ප්රදානය කරන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද සේවා ලේකම් මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බී ජී එස් ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගී වූ අතර, ඔහු විසින් නව උසස්වීම් ලැබූ බලලත් නිලධාරීන් සදහා ඔවුන්ගේ නිලයට අවැසි නිල ලංඡන පලදවන ලදි.
මේ අවස්ථාවේදි බලලත් නිලධාරි 1 වරුන් 26 දෙනෙකු සහ බලලත් නිලධාරී II වරුන් 47 දෙනෙකු උසස්වීම් ලබන ලදි.