Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

14th September 2021 22:13:37 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායට අයත් කොවිඩ් - 19 වෛරසය ආසාධනය වූ සිවිල් සේවක මහත්ම/මහත්මීන් හට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහන

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායට අයත් කොවිඩ් - 19 වෛරසය ආසාධනය වූ සිවිල් සේවක මහත්ම/මහත්මීන් හට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහන 2021 සැප්තැම්බර් මස 10 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි පවත්වන ලදි. බලකාධිපති තුමාගේ මග පෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති ඉනෝකා ඉලංගකෝන් මැතිණිය සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහභාගි විය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත අයත් සිවිල් සේවක මහත්ම මහත්මීන් 08 දෙනෙකු සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඔවුන් රාජකාරි කරනු ලබන ආයතනයන්හි නියෝජිතයන් වෙත පරිත්‍යාග කිරීම සිදු කරන ලද අතර, එම ද්‍රව්‍ය කඩිනමින් සිවිල් සේවක මහත්ම/මහත්මීන් වෙත බෙදාහැරීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දෙන ලදි.