Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

12th June 2023 15:10:14 Hours

ශ්‍රීලයුපොහේබ බලකාධිපති තුමන්ගේ 5 ශ්‍රීලයුපොහේබ සංචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මෙන්ම විනයාරක්ෂකාධිපති මේජර් ජෙනරාල් ඒසීඒ ද සොයිසා යුඑස්පි එච්ඩිඑම්සි එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් නිල සංචාරයක් සඳහා 2023 ජුනි මස 11 වන දින 5 වන රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත පැමිණෙන ලදි. එහිදී ඒකක අණදෙන නිලධාරි වන මේජර් මනෝජ් සුද්දාගල ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් බලකාධිපති තුමන් උණුසුම් ලෙස පිළිගෙන, සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක්ද පිරිනැමීම සිදුකළ අතර නිල සංචාරය සනිටුහන් කිරීම වස් බලකාධිපති තුමන් විසින් පැළයක් රෝපණය කිරීම හා සමූහ ඡායාරූපය සදහා පෙනී සිටින ලදි. අනතුරුව ඒකකයෙහි රාජකාරි නියුතු සියළු නිලයින් ඇමතීම සිදු කිරිමෙන් පසු බලකාධිපති තුමන් ඒකක සමරු සටහන් පොතෙහි සටහන් තබා පිටව යන ලදි.