Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

18th March 2022 09:23:22 Hours

විශ්‍රාමික විනයාරක්‍ෂක සාමාජිකාවක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරිම

මෙම රෙජිමේන්තුව යටතේ රාජකාරි කරන ලද සෙ/677906 බනි 11 කුමාරි එස්ජීඑම් (විශ්‍රාමික) බලලත් නිලධාරිනිය හට යුද්ධ හමුදාධිපති තුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සම්පූර්ණ නිවාස ව්‍යාපෘතියේ VII වන අධියර වෙතින් සම්පූර්ණ නිවසක් ඉදිකිරිම සඳහා මුල්‍ය හා ශ්‍රම දායකත්වය ලබාදීම යටතේ මුල්ගල තැබීම 2022 මාර්තු මස 04 වන දිනට යෙදි තිබු සුභ මොහොතින් කදුරුගහවත්ත රුහැණු විජයබා මාවත, කදුරුපොකුණ(උතුර), තංගල්ල යන ලිපිනයේදී මෙම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් රමේෂ් සලේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

මෙම නිවස ඉදිකිරිම 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මූලිකත්වයෙන් සියලු ශ්‍රීලයුපොහේබ ඒකක වල ශ්‍රම දායකත්වයෙන් ඒකක අණදෙන නිලධාරි වන මේජර් ශාන්ත හලංගොඩ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සෘජු අධීක්ෂණය යටතේ නිම කිරිමට සැලසුම් කර ඇත. මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් මෙන්ම 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි ඇතුලු සෙසුනිලයින් කිහිප දෙනෙකු සහභාගි වන ලදී.