Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

13th June 2023 10:28:39 Hours

විධායක ජෙනරාල්ගේ විනයාරක්‍ෂක අම සංචාරය

ශ්‍රී ලංකා යුධ හමුදාවේ නව පත්වීම් ලද විධායක ජෙනරාල් වන මේජර් ජෙනරාල් එස්ආර් බී අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ජූනි 12 වැනි දින විනයාරක්‍ෂක අම හි නිල සංචාරයක නිරත විය. මෙහිදී විනයාරක්‍ෂාධිපති මේජර් ජෙනරාල් ඒ සී ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී විසින් විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කාර්යභාරය සහ කාර්යයන් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් පවත්වන ලදී. අනතුරුව සංචාරය සනිටුහන් කිරීම සඳහා සමූහ ඡායාරූපයක් ලබා ගන්නා ලදි.