Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

28th April 2024 15:17:51 Hours

ලක් මව රනින් සැරසු විනයාරක්ෂකයා

5 ශ්‍රීලයුපොහේබ වෙත අයත් සෙ/678878 බනි 11 දුලාන් කේඒඑස් යන බලලත් නිලධාරි 2024 අප්‍රේල් මස 21 සිට 30 දක්වා මොරොක්කෝ රාජ්‍යෙය් පැවති Marrakech 2024 ලෝක මලල ක්‍රීඩා ග්‍රැන්ඩ් ෆී තරඟාවලියේ F 44 කාණ්ඩයේ හෙල්ල විසි කිරීම සඳහා සහභාගී වී මීටර් 65.57 ක දුරකට හෙල්ලය විසි කරමින් 2024 අප්‍රේල් මස 28 වන දින එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
ආධුනික සෙබලෙකු ලෙස 2009 දෙසැම්බර් 5 වැනි දින ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය වෙත එක්වු බනි 11 දුලාන් කේඒඑස් බලලත් නිලධාරි 2016 වර්ෂයේදී රිය අනතුරක් හේතුවෙන් තුවාල ලබා ඇත. මෙම අනතුර හේතුවෙන් ස්ථිර පහත් ‍ෛවර් ග කිරිම් කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා කණ්ඩායම යටතේ යුද හමුදා පැරා මලල ක්‍රීඩා කණ්ඩායමට එක්වු ඔහු ජාතික පැරා ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් ජයග්‍රහන රැසක් ලබා ගන්නා ලදි. තවද, එම බලලත් නිලධාරි ශ්‍රී ලංකා යුද හමුදාව මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ නාමය ඉහලට ඔසවා තැබීම වෙනුවෙන් මෙම රෙජිමේන්තු කර්නල් සේනාවිධායක හා ශ්‍රී ලංකා හමුදා පොලිසියේ සියලුම සාමාජිකයින් සුභ පැතුම් එක්ක කරන ලදි.