Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

16th May 2018 22:28:53 Hours

යුහපොපා නව සේනාවිධායක වැඩ භාර ගැනීම

යුද්ධ හමුදා පොලිස් පාසලේ 13 වන සේනාවිධායක වශයෙන් නි/62334 ලුතිතන් කර්නල් එච්එම්එස්අයි සෙනරත් යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2018/05/07 වන දිනට යෙදුන සුභ මොහොතින් එම තනතුරේ වැඩ භාරගන්නා ලදී. එහිදි ප්‍රථමයෙන්ම නව සේනාවිධායක පිළිගනිමින් ක‍ඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී. අනතුරුව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් හෝරා 0926 ට යෙදුන සුභ මොහොතින් නව තනතුරේ වැඩ භාරගැනීම සිදුකර එතුමන් විසින් සියලු නිලයින් ඇමතීමෙන් අනතුරුව වැඩ භාරගැනීම සනිටුහන් කිරිම සඳහා සේනාවිධායක විසින් පැලයක් රෝපණය කරන ලදී.