Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

14th February 2022 11:08:18 Hours

මුලික විනයාරක්ෂක පාඨමාලාව - අංක 80 ඉවත යාමේ උත්සවය

ශ්‍රීලයුපොහේබ රෙජිමේන්තුව වෙත ඉදුරාම බඳවා ගන්නා ලද පාඨමාලා අංක 80 වෙත අයත් විනයාරක්ෂලක සෙබළුන් 235 ක් හා විනයාරක්ෂරක කාන්තා සෙබළියන් 74 දෙනෙකු ඇතුලු සෙබළ සෙබළියන් 309 ක ගේ ඉවතයාමේ උත්සවය 2022.01.28 වන දින යුද්ධ හමුදාව වෙතින් සහ සංඛ්‍යව අංශ වෙතින් ලබා දී ඇති සෞඛ්‍යආරක්ෂිත උපදෙස් වලට අනුකුලව මෙම පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් සීවලි රාජනායක යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි ඉදිරි නඩත්තු පෙදෙස ( මුලතිව්) ආඥාපති මෙන්ම ශ්‍රීලයුපොහේබ බලකාධිපති මේජර් ජෙනරාල් අනිල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් පුහුණු පාසලේදී පවත්වන ලදි.
මෙහිදි පහත නම් සඳහන් සෙසුනිලයින් විසින් ඔවුන් පාඨමාලා කාලයේදී දක්වන ලද දක්ෂතා වෙනුවෙන් ප්රේධාන ආරාධිත අමුත්තා වෙතින් ඔවුන්ට හිමි ශුරතා පලිහ ලබා ගන්නා ලදි.
දක්ෂ තම ඛණ්ඩය සඳහා - මා/සැ විජේසුරිය බිජිඑම්පි
දක්ෂ තම ඛණ්ඩ භාර සැරයන් - සැරයන් රත්නායක ආර්එම්එන්
දක්ෂ තම පෙළ අණදෙන්නා - කෝප්රැල් ලියනගේ ඒඑල්එන්
සැම අතින්ම අතිදක්ෂ සෙබලා - ආසෙ ජයරත්න කේවිසි
දක්ෂතම වෙඩි තබන්නා - ආසෙ ඥාණතිලක ඩිඑම්ඒඩි
හොදම ශාරිරික යෝග්ය තාවයෙන් යුතු සෙබලා - ආසෙ හේරත් එච්එම්සිවි
සෑම අතින්ම අතිදක්ෂ සෙබළිය - ආකාසෙ රාජසිංහ එස්එම්අයිපි
දක්ෂඅතම වෙඩි තබන්නිය - ආකාසෙ සෙව්වන්දි කේකේඒසි
හොදම ශාරිරික යෝග්යඩතාවයෙන් යුතු සෙබළිය - ආකාසෙ සේනානි ඩිඑම්පිපි
තවද මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්ෂාආධිපති බ්‍රිගේඩියර් ලක්ෂ්මන් බමුණුසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ද සහභාගි වන ලදි.