Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

28th December 2021 20:45:55 Hours

මියගිය විනයාරක්‍ෂක සමාජිකයෙකු වෙනුවෙන් නව නිවසක් ඉදිකිරිම

මෙම රෙජිමේන්තුව යටතේ රාජකාරි කරමින් සිටියදි හදිසි අනතුරක් හේතුවෙන් මිය යන ලද සෙ/678978 කෝප්‍රල් අබේරත්න ජීඑම්ආර්එස් - 2 ශ්‍රීලයුපොහේබ කොනොනිගේ ලඟම ඥාතීන් වෙනුවෙන් නව නිවසක් ඉදි කිරිම සඳහා මුල්ගල තැබීම 2021 දෙසැම්බර් මස 20 වන දිනට යෙදි තිබු සුභ මොහොතින් ඉඹුලාන, රුවන්වැල්ල ප්‍රදේශයේදි මෙම රෙජිමේන්තු බලකාධිපති මේජර් ජෙනරාල් අනිල් ඉලංගකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් හා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් රමේෂ් සලේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.

විනයාරක්‍ෂක කාන්තා සමාජයේ ගරු සභාපතිණි ඉනෝකා ඉලංගකෝන් මැතිණිය සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මග පෙන්වීම හා සම්බන්ධීකරණය යටතේ දැනට කැනඩාවේ පදිංචි සෝන්ඩර්ස් ජයතිලක මැතිතුමා සහ එම මැතිණියගේ මූල්‍ය දායකත්වය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ලදි. මෙම නිවස ඉදිකිරීම 2 වන ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ ශ්‍රම දායකත්වයෙන් එම ඒකක වත්මන් අණදෙන නිලධාරි වන මේජර් එරන්ද නේරංගම සහ හිටපු අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් රසඳුන් විතානාරච්චි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සෘජු අධීක්‍ෂණය යටතේ නිම කිරීමට සැලසුම් කර ඇත. මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිප දෙනෙකු මෙන්ම විනයාරක්‍ෂක කාන්තා සමාජයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් කිහිප දෙනෙකු සහභාගි වන ලදී.