Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

24th April 2019 14:17:14 Hours

භකාස ආඥාපති තනතුරේ රාජකාරි ආරම්භ කිරිම

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවා ඒකකයන්හි පරිපාලන කටයුතු සඳහා සෘජුවම දායක වන භඨකාර්ය සම්පාදන ආඥා මූලස්ථානයෙහි භකාස ආඥාපති වශයෙන් මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි සම්ප‍්‍රදායානුකූලව 2019 අප්‍රේල් මස 17 වන දින තම නව තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදි
මෙම උත්සවය වර්ණවත් කිරිම සඳහා සම්මාන මුරයක් හා සේවා ඒකකයන් වෙතින් සම්මාන පෙළපාලියක් ද පවත්වන ලදි. පසුව මෙම උත්සවය සඳහා සහභාගි වු සියලු නිලයින් වෙනුවෙන් තේපැන් සංග‍්‍රහයක් පවත්වන ලද අතර, මේ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක හා සේවා ඒකකයනන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරින් විශාල පිරිසක් සහභාගි වන ලදි