Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

09th February 2018 08:35:19 Hours

බළකාධිපති තුමන්ගේ යුද්ධ හමුදා පොලිස් පාසල් සංචාරය

ශ‍්‍රි ලංකා යුද්ධ හමුදා විනයාරක්ෂකාධිපති මෙන්ම ශ‍්‍රිලයුහපොහේබ රෙජිමේන්තු බළකාධිපති බි‍්‍රගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි තුමන් 2018 ජනවාරි 09 වන දින යුද්ධ හමුදා පොලිස් පුහුණු පාසලෙහි සංචාරය සිකරන ලදි. යුද්ධ හමුදා පොලිස් පාසල වෙත සපැමිණි විනයාරක්ෂකාධිපති තුමන් යුද්ධ හමුදා පොලිස් පුහුණු පාසල් සේනාවිධායක ලූතිතන් කර්නල් ඩිඑම්ඒ බණ්ඩාර විසින් පිළිගැනිමෙන් අනතුරුව කදවුරු මුරයක් පිරිනමන ලදි. පසුව යුද්ධ හමුදා පොලිස් පුහුණු පාසලෙහි අභිනවයෙන් ඉදිකරන ලද ප‍්‍රධාන දොරටුව විවෘත කිරිමෙන් අනතුරුව පුහුණු පාසල් සංචාරය සනිටුහන් කරමින් පැළයක් රෝපණය කරන ලදි. තවද, නවතමයෙන් ටයිල් අතුරා නවීකරණය කරන ලද යුහපොපා කෝප‍්‍රල් සමාජ ශාලාවේදී සියලු නිළයින් ඇමතිමෙන් පසු සේනාවිධායක ඇතුලු සියලූ නිළයින් විසින් සුදානම් කරන ලද තේ පැන් සංග‍්‍රහය සදහා සහභාගිවීමෙන් අනතුරුව යුද්ධ හමුදා පොලිස් පාසලේ කාර්ය මණ්ඩලය සමග සමුහ ඡුායා රූපයකටද සහභාගි වී බලකාධිපති තුමන්ගේ යුහපොපා සංචාරය නිමා කරන ලදි.