Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

31st January 2020 17:54:10 Hours

බළකාධිපතිගේ 5 ශ්‍රීලයුපොහේබ සංචාරය

භකාස අණසක මූලස්ථාන ආඥාපති මෙන්ම මෙම රෙජිමේන්තු බළකාධිපති වන මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2020/01/27 වන දින 5 ශ්‍රීලයුපොහේබ නිරික්ෂණ සංචාරයක නිරත වන ලදි. මෙහිදි බළකාධිපති තුමන් හට කඳවුරු මුරයක් පිරිනමන ලද අතර, බලකාධිපති විසින් සංචාරය සිහිවීම පිණිස කඳවුර ඉදිරිපිට පැලයක් සිටුවන ලදි. පසුව බළකාධිපති තුමන් විසින් නවතමයෙන් ඉදි කරන ලද කායවර්ධනාගාරය හා ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය විවෘත කිරීමෙන් අනතුරුව බළකාධිපති තුමන් විසින් සියලු නිලයින් අමතන ලද අතර සියලු නිල තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි.