Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

12th May 2023 21:06:56 Hours

බලකාධිපතිගේ 5 ශ්‍රීලයුපොහේබ සංචාරය

ඉදිරි නඩත්තු පෙදෙස (මුලතිව්) ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඒ එල් ඉලංගකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සේවයෙන් විශ්‍රාම යාමට ප්‍රථමයෙන් නිල සංචාරයක් සඳහා 2023 මැයි මස 01 වන දින 5 වන රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත පැමිණෙන ලදි. එහිදී ඒකක අණදෙන නිලධාරි වන මේජර් මනෝජ් සුද්දාගල ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් බලකාධිපති තුමන් උණුසුම් ලෙස පිළිගෙන, සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක්ද පිරිනැමීම සිදුකල අතර, නිල සංචාරය සනිටුහන් කිරීම වස් බලකාධිපති තුමන් විසින් පැලයක් රෝපණය කිරීම හා සමූහ ඡායාරූපය සදහා පෙනීසිටීමෙන් පසු ඒකකයෙහි රාජකාරි නියුතු සියළු නිලයින් ඇමතීම සිදුකර, කෝප්‍රල් සමාජ ශාලාවෙහි සංවිධානය කර තිබූ සියලු නිල තේ පැන් සංග්‍රහය ස‍ඳහාද සහභාගී වන ලදි. දවසේ කටයුතු නිමාවෙන් පසු නිලධාරි නිවස්න පරිශ්‍රයේදී දිවා ආහාරය ලබා ගත් බලකාධිපති තුමන් ඒකක සමරු සටහන් පොතෙහි අත්සන් තැබීම සිදුකර පිටව යන ලදි.