Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

30th November 2020 16:40:40 Hours

නව දේශන ශාලාව විවෘත කිරීම යුද හමුදා පොලිස් පාසල - ගිරිතලේ

ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මෙන්ම ඉදිරි නඩත්තු පෙදෙස (උතුරුමැද) ආඥාපතිතුමා වන මේජර් ජෙනරාල් එල්පීආර් ප්‍රේමලාල් යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් 2020 නොවැමිබර් මස 28 වන දින ගිරිතලේ ස්ථාපිත යුද්ධ හමුදා පොලිස් පාසල වෙත කරන ලද නිල සංචාරයට සමගාමීව පුහුණු පාසල තුල නවතමයෙන් ඉදි කරන ලද දේශන ශාලාවද එතුමන්ගේ සුරතින් විවෘත කරන ලදී. එම අවස්ථාවේදී කඳවුරු මුරයක් පිරිනමන ලද අතර යුද්ධ හමුදා පොලිස් පාසලේ සේනාවිධායක කර්නල් ඩීඑමිඒ බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් බලකාධිපතිතුමා ඉතා උණුසුමිව පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා පොලිස් පාසලේ පුහුණු හා පරිපාලන කටයුතු පිලිබදව සේනාවිධායක තුමන් විසින් බලකාධිපති තුමා ඇතුළු නිලධාරීන් දැනුවත් කරන ලදී. එමෙන්ම බලකාධිපති විසින් සියළු නිලයින් ඇමතීමේදී වෘත්තීමය වශයෙන් උසස් කුසලතා වලින් පිරිපුන් විනයාරක්ෂක නිලධාරී/ සෙබලුන් පිරිසක් බිහි කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අතර ඒ සදහා වන පුහුණු පාසලේ කාර්යභාරය අගය කරන ලදී. මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්ෂකාධිපති තුමන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමා ඇතළු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහ සෙසුනිලයින්ද මෙම අවස්ථාවට සහභාගී වන ලදී..