Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

17th March 2023 09:41:38 Hours

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන - ශ්‍රීලයුපොහේබ සේවා වනිතා ශාඛාව

ආඥාපති ඉනපෙ (මුලතිව්) මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපතිතුමන් වන මේජර් ජෙනරාල් ඒඑල් ඉලංගකෝන් ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛා ගරු සභාපතිතුමිය වන ඉනෝකා ඉලංගකෝන් මැතිණියගේ මග පෙන්වීම යටතේ සියලු සේවා වනිතා සාමාජිකාවන්ගේ සහයෝගයෙන් යුතුව 5 ශ්‍රීලයුපොහේබ අනුග්‍රාහක දායකත්වය යටතේ ලෝක කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් සංවිධානය කල මාසික වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2023.03.10 වන දින පවත්වන ලදී.

තවද මෙම වැඩසටහනට අදාලව කාන්තාව සවිබල ගැන්වීම සබැඳි දේශණයක් ආචාර්ය කල්පනා අඹේපිටිය මහත්මිය විසින් සිදුකල අතර, දේශණය නිමාවෙන් පසු සියලු දෙනාට සෙත්පතා මාදිවෙල සංඝමිත්තා ආරාමවාසී මෙහෙණින් වහන්සේලා දස නමක් උදෙසා දානමය පිංකමක් රෙම ශ්‍රීලයුපොහේබ නිලධාරි නිවස්නයේදී පවත්වන ලදී. මේ සඳහා ශ්‍රීලයුපොහේබ සේවා වනිතා ශාඛා සාමාජිකාවන්, ශ්‍රීලයුපොහේබ කාන්තා නිළධාරිණියන් හා සෙබළියන් 50කට වැඩි පිරිසක් සහභාගී වන ලදී.