Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

14th September 2021 22:29:08 Hours

කොවිඩ් - 19 එන්නත්කරණ වැඩසටහනෙහි කාර්යය මණ්ඩලය සහ එන්නත් ලබා ගැනීම සඳහා පැමිණි අයවලුන් වෙනුවෙන් කෙටි ආහාර ලබාදීමේ වැඩසටහන

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සේවා වනිතා ශාඛාව එක්ව සංවිධානය කරන ලද පනාගොඩ කොවිඩ් - 19 එන්නත්කරණ වැඩසටහනෙහි කාර්යය මණ්ඩලය සහ එන්නත් ලබා ගැනීම සඳහා පැමිණි අයවලුන් වෙනුවෙන් කෙටි ආහාර ලබාදීමේ වැඩසටහන 2021 සැප්තැම්බර් මස 10 වන දින පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේදි පවත්වන ලදි. මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති ඉනෝකා ඉලංගකෝන් මැතිණිය සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහභාගි වන ලදි.