Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

27th April 2022 10:16:07 Hours

කාන්තා දින වැඩසටහන - ශ්‍රීලයුපොහේබ සේවා වනිතා ශාඛාව

මෙම රෙජිමේන්තු සේවා වනිතා ශාඛා ගරු සභාපතිනි ඉනෝකා ඉලංගකෝන් මැතිණියගේ සංකල්පයකට අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපතිතුමන් මෙන්ම ඉනපෙ (මුලතිව්) ආඥාපති වන මේජර් ජෙනරල් ඒඑල් ඉලංගකෝන් ජ්‍යෙෂ්්‍ය නිලධාරි, සේවා වනිතා ශාඛා ගරු සාමාජිකාවන්, කාන්තා නිළධාරිණියන්, සෙසුනිළ බිරින්දෑවරුන්, හා කාන්තා සෙබළියන් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව මනෝවිද්යාිඥ භාග්‍යා දේශප්‍රිය මැතිණිය විසින් පවත්වන ලද කාන්තා දිනය වෙනුවෙන් වූ හරවත් දේශනයක් 2022.03.20 වන දින හෝරා 0900 සිට හෝරා 1130 දක්වා වූ කාලය තුළ රෙමපොහේබ කෝප්‍රල් සමාජ ශාලාවේදී පවත්වන ලදී. එහිදී සහභාගී වූ අයවලුන් වෙනුවෙන් රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ මුදල් පසුම්බිය බැගින් ත්‍යාග බෙදාදීම සිදුකරන ලද අතර මෙහි සියලුම සංවිධාන කටයුතු සහ අනුග්‍රාහක දායකත්වය 5 ශ්‍රීලයුපොහේබ වෙතින් සිදු කරන ලදී.