Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

11th April 2023 22:09:07 Hours

අසාධ්‍ය රෝගී තත්ත්වයෙන් පෙලෙන නිලධාරි/සෙසුනිල/සිවිල් සේවක මහත්ම/මහත්මීන් හා ඔවුන්ගේ ලඟම ඥාතීන් වෙනුවෙන් ද්‍රව්‍යමය ආධාර ලබා දීමේ වැඩසටහන

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව සහ 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය එක්ව ද්‍රව්‍යමය ආධාර ලබා දීමේ වැඩසටහනක් පසුගිය 08 වන දින රෙම ශ්‍රීලයුපොහේබ නිලධාරි නිවස්නයේදී පැවැත්විනි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය වන ඉනෝකා ඉලංගකෝන් මැතිණියගේ පූර්ණ මඟ පෙන්වීම යටතේ පවත්වන ලද එම වැඩසටහනේදී මේ වන විට විවිධ අයුරින් රෝගාබාධයන්ට ලක්ව අසාධ්‍ය තත්ත්වයෙන් පෙලෙන මෙම රෙජිමේන්තුව වෙත අයත් නිලධාරි/සෙසුනිල/සිවිල් සේවක මහත්ම/මහත්මීන්ගේ හා ඔවුන්ගේ ලඟම ඥාතීන් 13 දෙනෙකු වෙනුවෙන් ද්‍රව්‍යමය ආධාර පරිත්‍යාග කරන ලදී. අනතුරුව යුද්ධ හමුදා රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් කිහිපදෙනෙකුගේ සුවදුක් විමසා ඔවුන් වෙතද ද්‍රව්‍යමය ආධාර පරිත්‍යාග කරන ලදී. මෙම වැඩසටහන සඳහා ඉදිරි නඩත්තු පෙදෙස (මුලතිව්) ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඒඑල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ශ්‍රීලයුපොහේබ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒඑම්ආර් අබේසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ 6 ශ්‍රීලයුපොහේබ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරි/සෙසුනිලයින් පිරිසක් සහභාගි වන ලදි.