Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

05th March 2018 18:06:03 Hours

අභිමංසල 11 කඹුරුපිටිය සංචාරය 2018

ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකා සේවාවනිතා ශාඛා ගරු සභාපතිනි වරුණි උභයවර්ධන මැතිණියගේ හා සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් යුතුව අභිමංසල සුවසහන මධ්‍යස්ථානය 11 කඹුරුපිටියහි නේවාසිකව ප‍්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් සොයා බැලීමේ සංචාරයක් 2018/02/24 වන දින එම සුවසහන මධ්‍යස්ථානයේදී සිදුකරනු ලැබූ අතර, එහි ප‍්‍රතිකාර ලබන රණවිරුවන් 41 කු සදහා ඔවුන්ගේ දෛනික පරිභෝජනයට අවැසි රු.94300.00 ක් වටිනා භාණ්ඩ සහ සියලුම නිළයින්ගේ ප‍්‍රයෝජනය සදහා රු.9800.00 ක වටිනාකමින් යුත් විදුලි ස්ති‍්‍රක්ක 07 ක් පරිත්‍යාග කරන ලදී.මෙහි සියලු සංවිධාන කටයුතු 1 ශී‍්‍රලයුහපොහේබ වෙතින් සිදු කරන ලද අතර එහි අධීක්‍ෂණය එම ඒකක අණදෙන නිළධාරී තුමන්ගේ බිරිද වන නිරෝෂා මුණසිංහ මැතිණිය විසින් සිදු කරන ලදී.