Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

30th May 2024 23:53:27 Hours

අභිනව කර්නල් සේනාවිධායක තුමන් වෙත විනයාරක්ෂකයින්ගේ ගෞරවනීය උපහාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 12 වන කර්නල් සේනාවිධායක වශයෙන් මේජර් ජෙනරාල් S A N D එදිරිසිංහ RWP RSP Hdmc psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024.05.20 දිනට යෙදුනq සුභ මොහොතින් සිය ධුරයේ රාජකාරි භාරගනු ලැබීමෙන් අනතුරුව සම්ප්‍රධායානුකූලව එතුමන් වෙත ලබාදෙනු ලබන කඳවුරු මුරය, සම්මාණ මුරය සහ සියලු නිලයින් ඇමතීම ඇතුලු අනෙකුත් උත්සව අංගයන් 2024.05.30 දින රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි පවත්වනු ලදි. .
මෙම අවස්ථාව සඳහා විනයාරක්ෂකාධිපති බ්‍රිගේඩියර් R D සලේ ndc ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුලු මණ්ත්‍රන සභාවේ සියලුම නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් විසාල පිරිසක් සභාගිවන ලදි.