Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

4 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව

4 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ ඉතිහාසය

80 දශකයේ අග භාගයේදීමෙරට අභ්ය න්තරයේ ඇති වූ රාජ්ය විරෝධී කැරලි තත්වයන් මර්ධනය කරමින් රටේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරිම සහ ශ්රීය ලංකා යුද්ධ හමුදාව තුල වු පාබල ඒකකයන්හි අවශ්යුතාවය මත 1987.08.17 වන දින හචනි 24/87 උපදෙස් මත අභිමානවත් ගජබා පවුලේ නවතම සාමාජිකයා වශයෙන් 4 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව අම්පාර දිස්ත්රිදක්කයේ පූනානි සිද්ධිපුර හිදි ස්ථාපනය කරන ලදි. ඉන්පසු බළඇණි ධජය පිරිනැමීමත් සමගම මෙම බළඇණියේ ප්රදථම අණදෙන නිලධාරි වශයෙන් ලුතිතන් කර්නල් එන් රත්නායක යන ජ්යෙතෂ්ඨ නිලධාරි පත්විය. මෙම බළඇණිය ස්ථාපනය කිරීම සඳහා 1 වන ගජබා රෙජිමේන්තුව වෙතින් නිලධාරීන් 13 ක් හා සෙසුනිලයින් 362 ක් ද, 3 වන ගජබා රෙජිමේන්තුව වෙතින් නිලධාරීන් 13 ක් හා සෙසුනිලයින් 305 ක් ද රපෝර්තු කරවා ඇත.

ප්ර්ථම දෙවන අණදෙන නිලධාරි වශයෙන් මේජර් යුබීඑල් ප්රෙනාන්දු ආර්එස්පී පීඑස්සී යන ජ්යෙපෂ්ඨ නිලධාරිද, ප්රනථම විධායක අධිකාරි වශයෙන් කපිතන් කේයූ ප්රඑනාන්දු යන නිලධාරිද, ප්ර ථම රෙජිමේන්තු සැරයන් මේජර් වශයෙන් සෙ/75059 බනි 11 බෝයගොඩ ඊඑම්යූ යන බළලත් නිලධාරි පත්වන ලදි. ආරම්භයේ දී 4 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ බළප්ර0දේශය පොලොන්නරුව හා ත්රිොකුණාමලය යන ප්රරදේශ ආවරණය පරිදි ව්යාිප්ත විය. 1989.01.06 වන දින මෙම බළඇණියේ කණ්ඩායම් 02 ක් පොලොන්නරුව ප්රාදේශයේද, එක් කණ්ඩායමක් ත්රි්කුණාමලය ප්රහදේශයේද ස්ථාපනය කර ක්රිණයාන්විත රාජකාරි අවශ්ය තාවය සපුරාලීම ත්රි්කුණාමලය “කොඩ් බේ කඳවුර” වෙත අනියුක්ත කර ඇත. 1989.05.06 වන දින මෙම බළඇණිය වැහැර යුද්ධ හමුදා කඳවුර තුල නැවත ස්ථාපනය කර එම ප්රරදේශය තුල රාජ්යෙ විරෝධී කැරලි තත්වයන් මර්ධනය කිරීම සඳහා දායකත්වය ලබාදී ඇත.

1989 දෙසැම්බර් මස නැවත මෙම බළඇණිය වන්නි ප්රමදේශය තුල ක්රිහයාන්විත රාජකාරි කිරීම සදහා යොමු කරන ලද අතර භඨ පිරිස් අනියුක්ත කරනු ලැබු රාජකාරි නිම කිරීමෙන් පසුබළඇණි මුලස්ථානය ස්ථාපිත කර තිබු අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්යඅස්ථානය වෙත වාර්තා කරන ලදි. පසුව යාපනය දිස්ත්රි ක්කය තුල ක්රිගයාන්විත සඳහා වූ භඨපිරිස් ඌනතාවය සපුරාලීමට 1990.08.16 වන දින මෙම බළඇණිය යාපනය ප්රලදේශයේ ස්ථානගත කල අතර, එහිදි එල්ටීටීඊ ත්රයස්ථවාදීන් විසින් එල්ල කරන ලද ප්රදබල ප්රාහාරයන් සමග භඨ පිරිස් 1991.11.26 වන දින වන්නි බල ප්රවදේශය දක්වා උපක්රබමිකව පසු බසින ලදි. 1991.11.26 වන දින සිට 1991.12.03 දක්වා මෙම බළඇණියේ භඨපිරිස් නැවත අම්පාර දිස්ත්රිදක්කයේ ස්ථානගතව “වටරවුම”, “අකල්වැස්ස” හා “කන්දෙගෙදර” යන මෙහෙයුම් සඳහා සහභාගි වී ක්රිරයාන්විත නිමාවෙන් පසු බළඇණිය තොප්පිගල ප්ර“දේශයේ ස්ථානගත වන ලදි. තොප්පිගල ප්රගදේශයේ ක්රිකයාන්විත රාජකාරි සිදුකරන අතරතුර පරයානකුලම් ප්ර දේශයේදි 1 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව වෙත එල්ලවූ ත්රිස්ථවාදි ප්රුහාරයට මුහුණ දීමට එම ඒකකයට සහයක භඨ පිරිස් වල සහය ලබාදීම සඳහා පරයානකුලම් ප්රදදේශයට පැමිණෙන ලදි.

මෙම බළඇණිය කුරිරු ත්රිස්තවාදය මුලින් උපුටා දැමීම සඳහා ප්රවධාන මෙහෙයුම් විශාල ප්රමමාණයකට සිය සක්රීළය දායකත්වය ලබාදී ඇත.“සමගිය ශක්තියයි” යන අභීත වදන තම තේමා පාඨය කර ගනිමින් මෙම ඒකකයේ රණවිරුවන් තුල වූ මහගු කැපවීම සහ අප්රයතිහත ධෛර්යය මත මෙම ඒකකය අභිමානවත් ගජබා රෙජිමේන්තුව තුල විශිෂ්ඨ ඒකකයක් ලෙස ඉතිහාස ගතවී ඇත. පසුව 2007.02.04 දින එවකට පැවති ක්රිරයාන්විත අවශ්යේතාවය මත 3 වන බළඇණිය ශ්රි්ලංකා පාබල හමුදාව, 10 වන බළඇණිය ශ්රිි ලංකා සිංහ රෙජිමේන්තුව හා 4 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව සම්බන්ද කරමින් ශ්රී‍ ලංකා යුද්ධ හමුදාවේ නවතමයෙන් ස්ථාපිත ශ්රිල ලංකා යාන්ත්රියක පාබල රෙජිමේන්තුව ස්ථාපනය සදහා මෙම ඒකකය විසුරුවා හරින ලදි.

වසර 15 කට පසු වත්මන් යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්යෙසෂ්ඨ නිලධාරී තුමන් විසින් විශේෂ හමුදා නියෝග හචනි 38/2022 මගින් 2022.11.23 දින එවකට පැවති ලාබාලතම නිත්යස ගජබා බළඇණිය වූ 24 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව, 4 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව වශයෙන් නාමිකව සංශෝධනය කර නැවත නගා සිටුවන ලදියි.

අනුරාධපුර සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මධ්ය ස්ථානයේදී 2023.01.04 වන දින1993- 1994 කාලය තුල 4 වන බළඇණියේ විධායක අධිකාරි ලෙස කටයුතු කල වත්මන් යුද්ධ හමුදාධිපති තුමා විසින් බළඇණි ධජය 4 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවට පිරිනැමීම සංකේතාත්මකව සිදු කරන ලදි. එලෙස නැවත නගා සිටවූ නව 4 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවට අණදීම සදහා ප්ර ථම අණදෙන නිලධාරි වශයෙන් නි/65329 මේජර් ඩබ්ලිව්එම්ඒයූකේ වීරසිංහ යන ජ්යෙීෂ්ඨ නිලධාරි පත්විය.

නව 4 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ ප්රවථම දෙවන අණදෙන නිලධාරි වශයෙන් නි/67808 මේජර් ඒඑම්එන් විජේබංඩාර පීඑස්සී යන ජ්යෙ ෂ්ඨ නිලධාරිද, ප්රාථම විධායක අධිකාරි වශයෙන් නි/71096 කපිතන් එන්ඒඒපීටී නිශ්ශංක යන නිලධාරිද, ප්ර්ථම බුද්ධි නිලධාරි වශයෙන් නි/71522ලුතිතන් එච්ඒඑස්ඩී හෙට්ටිආරච්චි යන නිලධාරිද, ප්රනථම රෙජිමේන්තු සැරයන් මේජර් වශයෙන් සෙ/467792 බනි 1 ඊඑම්එන්කේ ඒකනායක යූඑස්පී යන බළලත් නිලධාරි ද පත්වන ලදි.

කුරිරු ත්රකස්තවාදය පලවා හැරීමට බළඇණිය විසින් සක්රිුය දායකත්වය ලබාදුන් ප්රිධාන ක්රිරයාන්විත

  • 1. අකල් වැස්ස ක්රියයාන්විතය - 1988.04.25 සිට 1988.04.29 දක්වා රාජ්යඒ විරෝධී කැරලි තත්වයන් මර්ධනය සදහා සිදුකල ක්රි්යාන්විතයකි.
  • 2. ත්රිහවිධ බලය ක්රිඇයාන්විතය - 1990.08.15 සිට 1990.10.15 දක්වා යාපනය කොටුව තුල සිරවී සිටි හමුදා සහ පොලිස් නිලධාරින් මුදා ගැනීමේ මෙහෙයුමක් ලෙස සිදුකරන ලදි.
  • 3. ජයශක්ති ක්රිඊයාන්විතය - 1990.10.16 දින ආරම්භ කරන අතර, පලාලි සිට කන්කසන්තුරේ දක්වා සියලුම එල්ටීටීඊ ක්රිබයාකාරකම් මර්ධනය කිරීම මෙම ක්රිදයාන්විතයේ අරමුණ විය.
  • 4. සී බීස් ක්රි යාන්විතය - 1991.03.28 වන දින එල්ටීටීඊ සංවිධානය මවිත කරමින් කීරමලය ප්රවදේශයේදී විනාඩි 15 ක් තුලදී මීටර් 1500 ක් අත්පත් කර ගත්විශිෂ්ඨ ක්රිකයාන්විතයකි.
  • 5. බලවේගය ක්රිවයාන්විතය - 1991.03.14 සිට 1991.08.29 දින දක්වා අලිමංකඩ ප්රාදේශයේ සිරව සිටි සහෝදර සොල්දාදුවන් මුදවා ගැනීමට දායක විය.
  • 6. අකුණු පහර ක්රි්යාන්විතය - 1991.08.24 දින වැලිඔය ප්රවදේශයට පැමිණ ක්රිඅයාන්විතයට සම්බන්ධ වී මාසයක කාලයක් පුරා දරුණු සටනක් පැවතුනි.
  • 7. ජයමග ක්රිරයාන්විතය - 1995.04.22 දින දියත් කල ප්රවහාර මගින් එල්ටීටීඊ ත්රවස්තයන් මවිත කරමින් තරවිකුලම් ප්රටදේශය මුදවා ගැනීම.
  • 8. එඩිබල ක්රිවයාන්විතය - 1997.03.12 දින දියත් කල ප්රපහාර මගින් එල්ටීටීඊ ත්ර ස්තයන් මවිත කරමින් කන්නඩ්ඩි, ගනේෂපුරම්, පෙරියතම්පනේ, පන්ඩිවිරිච්චාන්, මඩු පාර හා පුමලන්තන් ප්රනදේශ මුදවා ගැනීම.
  • 9. කිණිහිර I, කිණිහිර II,කිණිහිර III යනක්රි යාන්විත - 2000.09.26 දින චාවකච්චේරි ප්රිදේශය මුදාගැනීම සිදුකර ඇත.
  • 10. 2006 වර්ෂයේ අගෝස්තු මස මානුෂිය මෙහෙයුම ආරම්භ කිරීමත් සමග මෙම බළඇණිය ආක්ර මණකාරී ක්රි යාන්විත සිදු කර මුහමාලෙයි ප්රහදේශය අල්ලා ගැනීම සිදුකර ඇත.

බළඇණියේ පදක්කම් ලාභී නිලධාරීන් සහ සෙසුනිලයින්

මෙම බළඇණිය ප්රමධාන හා අනෙකුත් මෙහෙයුම් 10 කට අධික සංඛ්යාලවකට සක්රිධය දායකත්වය ලබා දී ඇති මෙම ඒකකයේ නිර්භිත රණශූර වීරෝධාර සොල්දාදුවන් අගයනු වස් , නිලධාරීන් 04 ක් සහ සෙසුනිලයින් 05 ක් වීරවික්රනම විභුෂණයෙන්ද, නිලධාරින් 38 ක් හා සෙසුනිලයින් 52 රණවික්රඊම පදක්කමෙන්ද, නිලධාරීන් 52 ක් සහ සෙසුනිලයන් 266 රණශුර පදක්කමෙන්ද පිදුම් ලබා ඇත.

4 ගරෙ ඒකකය නැවත නගා සිටුවීමෙන් පසු රාජකාරීන් ඉටුකරන ලද අණදෙන නිලධාරින්
 
අ/අ  නම සිට දක්වා
01  මේජර් ඩබ්ලිව්එම්ඒයුකේ වීරසිංහ 2022.11.23 2023.10.09
02  ලුතිතන් කර්නල් ඩබ්ලිව්එම්ඒයුකේ වීරසිංහ 2023.10.10 2024.02.03
03  මේජර් ඒඑම්එන් විජේබණ්ඩාර පීඑස්සී 2024.02.04 2024.02.31
04  මේජර් පීජී නිරන්ජන් ආර්එස්පී 2024.03.01 මේ දක්වා

සම්බන්ධීකරණ විස්තර

ලිපිනය :

මූලස්ථානය
4වන බළඇණීය ගජබා රෙජිමේන්තුව
යුධ හමුදා කඳවුර
මඩු - මන්නාරම

 

ෆැක්ස් : 0253778801
දු:අංකය : 0253778801