Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

24 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව

24 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ ඉතිහාසය

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් ගජබා රෙජිමේන්තු පවුලේ නවතම සාමාජිකයා ලෙස හචනි 86/2009 හි උපදෙස් මත 2009 වර්ෂයේ ඔක්තෝබර් මස 18 වන දින අනුරාධපුර සාලියපුර අභිමානවත් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 24 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ ආරම්භය සනිටුහන් කරන ලදි. ශ්‍රි ලංකා ත්‍රිවිධ හමුදාව විසින් උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි සිදුකරන ලද මානුෂිය මෙහෙයුම නිමාවෙන් පසු එම ප්‍රදේශයන් තුල අහිංසක සිවිල් ජනතාව පුනරුත්ථාපනය කර නැවත පදිංචි කරවීමේ ව්‍යාපෘති සම්බන්ධීකරණයත් හා ශ්‍රි ලංකා යුද්ධ හමුදාව ශක්තිමත් කරලීමත් මෙම බළඇණියේ ප්‍රධානතම අරමුණ විය.

සාලියපුර ගජබා නිවහනේදී ආරම්භ කරන ලද මෙම බළඇණිය වෙත අණදීම සදහා ප්‍රථම අණදෙන නිලධාරි වශයෙන් නි/62099 මේජර් ඩීයූඑන් සේරසිංහ ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිද, දෙවන අණදෙන නිලධාරි වශයෙන් නි/64004 මේජර් එස් ඩබ්ලිව් ආරච්චිගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිද පත්වන ලදි. ගජබා රෙජිමේන්තුවේ අනෙකුත් සහෝදර බලඇණි වෙතින් හා නවක ආධුණික සොල්දාදුවන් සමඟින් සෙසුනිලයින් 495 ක ප්‍රමාණයක් හා නිලධාරීන් 8 දෙනෙකු බලඇණියේ ආරම්භය සඳහා එක්වන ලදි.

බලඇණියේ ප්‍රධාන තනතුරු හෙබවීම සඳහා නි/66873 2/ලුතිතන් ආර්ඒඊඑන් ප්‍රනාන්දු අර්එස්පී විධායක අධිකාරි ලෙසද, සෙ/450727 බනි 1 ඩබ්ලිව්ජී ප්‍රේමරත්න රෙජිමේන්තු සැරයන් මේජර් ලෙසද, සෙ/453312 ව/සැරයන් ජයතිස්ස එම් ප්‍රධාන ලිපිකරු ලෙසද 2009.10.22 දින පත්කරන ලදි. ඉන් පසුව මෙම බලඇණිය 61 වන පාබල සේනාංක බල ප්‍රදේශයේ 612 බළසේනා මූලස්ථානය යටතේ මුලතිව් නඩ්ඩන්කන්ඩාල් ප්‍රදේශයේ ස්ථානගතවූ අතර, පාන්ඩියන්කුලම්, සෙල්වපුරම්, පනන්කාමම් සහ කරන්පුලියම්කුලම් ප්‍රදේශය ආවරණය වන පරිදි රාජකාරි කටයුතු සිදුකරන ලදි. 2012.03.05 වන දින 612 පාබල බසේමු වෙත අයත් බල ප්‍රදේශය 33 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුලුව වෙත භාරදිමෙන් දීමෙන් පසු 24 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව නඩ්ඩන්කන්ඩාල් ප්‍රදේශයෙන් ඉවත්වී 613 පාබල බසේමු බල ප්‍රදේශයට අයත් මඩු - මන්නාරම් ප්‍රදේශයේ ග්‍රිඩ් අංක 349015 දරණ ස්ථානයේ ස්ථාන ගතවී වර්ග කිලෝමීටර 403.5 ක බල ප්‍රදේශයක් ආවරණය වන පරිදි ලොව පුරා කතෝලික බැතිමතුන්ගේ වන්දනාවට ලක්වන මඩු දේවස්ථානය සහ දේවස්ථානයට පැමිණෙන බැතිමතුන් හටත්, බල ප්‍රදේශයේ පදිංචි වී සිටින සිවිල් ජනතාව හට ආරක්ෂාව සපයමින් ස්වභාවික විපත් වලදී ඔවුන් හට පිහිට වෙමින් රාජකාරි කටයුතු සිදුකරන ලදි. තවද ප්‍රධාන වශයෙන් මඩු දේවස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන මඩු මංගල්‍ය හා ඒ සඳහා පැමීණෙන අති විශාල බැතිමතුන් සඳහා විශේෂ ආරක්‍ෂාවක් සපයමින් ඉමහත් රාජකාරියක් සිදු කරන ලදි. ඉන්පසු 61 පාබල සේනාංකය සහ 613 පාබල බලසේනාව ආසේමු (වන්නි) බල ප්‍රදේශයෙන් බැහැරව යාමත් සමඟ 2020.01.01 දින මෙම බලඇණිය 54 පාබල සේනාංකය වෙත අනියුක්තව 544 පාබල බළසේනාව යටතේ රාජකාරි සිදුකරන ලදි. පසුව ආසේමු (කිලි) විසුරුවා හැර 1 වන බළකාය ලෙස පිහිටුවීමෙන් පසු ආසේමු (කිලි) යටතේ තිබු 65 පාබල සේනාංකය ආසේමු (වන්නි) වෙත අනියුක්ත කිරීමෙන් පසුව මෙම බලඇණිය 2020.12.04 දින 65 පාබල සේනාංකය යටතේ ඇති 653 පාබල බසේමු වෙත අනියුක්ත කර මඩු - මන්නාරම් ප්‍රදේශයේ රාජකාරි ඉටුකරන ලදි.

2022.11.23 වන දින වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජනරාල් එච්එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නිකුත් කරන ලද හචනි 38/2022 මගින් 24 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව වශයෙන් ස්ථාපිත මෙම ඒකකය 4 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව වශයෙන් නාමිකව ප්‍රකාශයට පත්කරන ලදි.

ඒ අනුව 2009.10.18 වන දින සිට 2022.11.23 වන දින දක්වා 24 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ රාජකාරි සිදුකර ඇති අණදෙන නිලධාරි වරුන්ගේ විස්තර පහත සඳහන් පරිදි වේ.

අ/අ  නම සිට දක්වා
1. මේජර් ඩීයුඑන් සේරසිංහ ආර්එස්පි 2009.10.18 2010.03.31
2. ලුතිතන් කර්නල් ඩියුඑන් සේරසිංහ ආර්එස්පි 2010.04.01  2012.06.20
3. මේජර් කේජිඒ ආරියදාස ආර්ඩබ්ලිව්පි ආර්එස්පි 2012.06.20 2012.12.10
4. ලුතිතන් කර්නල් කේජිඒ ආරියදාස ආර්ඩබ්ලිව්පි ආර්එස්පි 2012.12.11 2014.10.29
5. මේජර් ඊජිසි ගුණසේන ආර්එස්පි පිඑස්සි 2015.01.02 2017.10.02
6. ලුතිතන් කර්නල් ඊජිසි ගුණසේන ආර්එස්පි පිඑස්සි 2017.10.03 2018.02.08
7. මේජර් අයිසිඑන් ගුණතිලක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි 2018.02.09 2020.02.04
8. ලුතිතන් කර්නල් අයිසිඑන් ගුණතිලක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි 2020.02.04 2020.03.11
09. ලුතිතන් කර්නල් එච්එම්සි පුෂ්ප කුමාර ආර්ඩබ්ලිපි යුඑස්පි 2020.03.11 2021.03.28
10. මේජර් එල්එච්ඩබ්ලිව්බිඅයි සිල්වා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි 2021.03.28 2022.02.03
11. ලුතිතන් කර්නල් එල්එච්ඩබ්ලිව්බිඅයි සිල්වා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි 2022.02.04 2022.09.28
12. මේජර් ඩබ්ලිව්එම්ඒයුකේ වීරසිංහ 2022.09.29 2022.11.23
සම්බන්ධීකරණ විස්තර
     
ලිපිනය :

මූලස්ථානය
24 වන බළඇණීය ගජබා රෙජිමේන්තුව
මඩු
මන්නාරම

ෆැක්ස් :

0253778801

දු:අංකය : 0253778801