Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

වර්ණාභිශේකය

ගජබා බළඇණියක සහභාගීත්වය නොමැතිව පසුගිය 35 වසරක කාලය තුළ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරන ලද කිසිදු විශේෂ ක්‍රියාන්විතයක් නොමැති තරම් යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවනු ඇත. එමගින් පැහැදිලි වන්නේ අප මාතෘභූමියේ භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය සුරැකීම උදෙසා ගජබා සෙබළුන් ඇපකැපව කළ මහඟු සේවයයි. එය ගජබා රෙජිමේන්තුවේ විශිෂ්ටත්වය සහ ජාතිමාමකත්වය විදහා දක්වන කැඩපතක් බඳුය. ගජබා රෙජිමේන්තුව ආරම්භයේ පටන් අද දින දක්වා රට ජාතිය වෙනුවෙන් කර ඇති උදාර මෙහෙවරේදී ඔවුන්ගේ වික්‍රමාන්විත සටන්කාමීත්වය සහ රණශූරත්වය මනාව පිළිබිඹු කර ඇත. ශ්‍රී ලංකා යුද හමුදා යුද ඉතිහාසයේ සුවිශේෂී හා සාර්ථක ක්‍රියාන්විත සේ අදටත් සළකනු ලබන, වඩමාරච්චි ක්‍රියාන්විතය, ත්‍රිවිධබලය මෙන්ම බලවේගය හා රිවිරැස වැනි මහා පරිමාණයේ ක්‍රියාන්විතයන්හි නියැළුණු ගජබා රෙජිමේන්තුවේ බළඇණි වලට නිවැරුදි නායකත්වය දුන් ගජබා පවුලේ නිර්මාතෘ විජය විමලරත්න සෙන්පතියාණන්ගේ නිසි මාර්ගෝපදේශකත්වය යටතේ ක්‍රියාකළ එවකට ගජබා රෙජිමේන්තුවේ සිටි අති දක‍ෂ අණදෙන නිලධාරීන්ගේ අභීත මෙහෙයවීම එම ක්‍රියාන්විත සාර්ථක වීමට මහඟු පිටුවහලක් විය.

දේශය වෙනුවෙන් කළ උදාර මෙහෙවරේදී ගජබා රෙජිමේන්තුවට අයත් වීරෝදාර හා අතිදක‍්ෂ නිලධාරින් හා සෙසුනිලයින් 4259 ක් දේශයේ අභිමානවත් අනාගතය සඳහා තම වටිනා ජීවිතය පරිත්‍යාග කළහ. සතුරා අභිමුව අභීතව සටන් කරමින් සිටියදී 392 ක් අතුරුදන් විය. තවද රුදුරු ත්‍රස්තවාදී උවදුරෙන් අප දේශයේ අනාගත පරපුර බේරාගැනීමේ උතුම් චේතනාවෙන් සටන් කළ අභීත නිලධාරින් හා සෙසුනිලයින් 2219 ක් පූර්ණ හා අර්ධ ආබාධිත තත්වයට පත්ව ඇත. එම ජාතික වීරවරයන් තුළින් රට ආරක‍්ෂා කරීමේ ජාතික මෙහෙවරේදී ගජබා රෙජිමේන්තුව දැක්වු දායකත්වය මොනවට පැහැදිළි වනු ඇත.

යුද්ධය අති බිහිසුණුය. තීරනාත්මකය. එවන් අති බිහිසුණු හා තීරනාත්මක අවස්ථාවලදී ගජබා විරුවන් සතුරා ඉදිරියේ තම දිවි පරදුවට තබා තම සහෝදර සොල්දාදුවන්ගේ ආරක‍්ෂාව සහ පොදුවේ රටේ අභිවෘද්ධිය පතා දක්වන ලද වික්‍රමාන්විත රණකාමීත්වය අගය කරමින් ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති උතුමාණන් විසින් පරම වීර විභූෂනයන් 04 ක්ද, වීරෝධාර විභූෂණයන් 03 ක්ද, වීර වික්‍රම විභූෂණයන් 59 ක්ද, රණවික්‍රම පදක්කම් 735 ක් සහ රණශූර පදක්කම් 3798 ක් රෙජිමේන්තුවේ රණවිරුවන් වෙත පිරිනමා ඇත.

යුද පිටියේ දක්වන ලද සටන්කාමීත්වය සේම ක්‍රීඩා පිටියේ දක්වන ලද සුවිශේෂී කුසලතාවන් ගජබා සෙබළුන්ගේ අප්‍රතිහත ධෛර්යය මනාව පිළිබිඹු කරවන්නකි. විශේෂයෙන්ම ආබාධිත නිලධාරීන් හා සෙබළුන් තම ආබාධිත තත්වය පසෙකලා ලබා ඇති ක්‍රීඩා ජයග්‍රහණ සෑම ලක්වැසියෙක් හටම විශ්මය ගෙනදෙන්නක් වී ඇත. මෙසේ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයන් අතර රෙජිමේන්තු මට්ටමේ සිට ජාතික මෙන්ම අන්තර් ජාතික මට්ටම දක්වා වූ ජයග්‍රහණයන්ද වන අතර, එය ගජබා රෙජිමේන්තුවේ විශිෂ්ටත්වය විදහා දැක්වෙන තවත් වැදගත් සාධකයකි.

රෙජිමේන්තුවේ ඉතිහාසය වසර 35 ක් තරම් කෙටි කාල පරාසයක් වුවත් එම වකවානුව තුළ රටේ ඒකීයභාවය ආරක‍්ෂාකිරීම උදෙසා ලබා දී ඇති මහඟු දායකත්වය ඉතා විශිෂ්ට බව සමස්ථ යුද්ධ හමුදාවම පිළිගෙන ඇති කරුණකි. එසේම රෙජිමේන්තුවේ සියළුම නිළයින් විසින් දක්වන කැපවීම මුළු යුද්ධ හමුදාවටම ප්‍රබල ශක්තියක් වී ඇත. මව්බිමේ අභිමානය වෙනුවෙන් තම වටිනා තරුණ ජීවිත පුදකළ හා රුහිරය වැගිරවූ දහස් ගණනක් ගජබා විරුවන්ට ජාතියේ උත්මාචාරය පිරිනැමීම ජාතික යුතුකමක් වන අතර, ඒ තුළින් ඔවුන්ට දිරිදීම කාලෝචිත අවශ්‍යතාවයකි.

රෙජිමේන්තුව විසින් යුද හමුදාව තුළ සිදුකර ඇති විශිෂ්ට ජාතික මෙහෙවර උදෙසා රෙජිමේන්තුව වෙත ලබාදිය හැකි ඉහළම සම්මානය වන ජනාධිපති වර්ණයෙන් සහ රෙජිමේන්තු වර්ණයෙන් වර්ණාභිෂේක කිරීම හා එසේ පිදුම් ලැබීමට සුදුසුකම් ලැබීම ශ්‍රි ලංකා යුද්ධ හමුදාව තුළ රෙජිමේන්තුවක් වශයෙන් ලද උතුම් භාග්‍යක් මෙන්ම එමගින් ලැබු මානසික පන්නරය රෙජිමේන්තුවේ සියළු නිළයින්ගේ චිත්ත ධෛර්යය හා කැපවීම තව තවත් ඔප මට්ටම් වීමට හේතු සාධක වී ඇත.

දේශහිතෛශීවුත්, නිර්භීතවූත්, චිත්ත ධෛර්යය උසස් අභීත සොල්දාදුවන්ගෙන් සමන්විත වූ හමුදාවක් නිවැරදි නායකත්වයක් තුළින් සාර්ථකව මෙහෙයවීම මගින් නූතන තාක‍ෂණයෙන් සැදුම්ලත් අතී නවීන අවි ආයුධ වලට පවා අභියෝගයක් වෙමින් සාර්ථකව තම මෙහෙවරෙහි නිරතව ඇති බවට සාක‍්ෂි බොහෝය. එවන් අති දක‍්ෂ හමුදාවකින් දේශයේ ආරක‍්ෂාව මෙන්ම අභිමානය මනාව තහවුරු වේ. මව්බිම දේශීය හෝ විදේශීය සතුරු උපද්‍රවයකට පත්වී ඇති ඕනෑම අවස්ථාවක මෙන්ම ස්වාභාවික විපතකට පත්වූ අවස්ථාවන්හිදීද සහෝදර ජනතාව වෙනුවෙන් තම දිවි දෙවැනි කොට ඔවුන්ව එම ව්‍යසනයෙන් බේරාගැනීමේ ජාතික මෙහෙවර රටක යුද හමුදාවට ආවේනික වූ ගුණාංගයකි. එවන් වූ වීරෝධාර පුතුන්ගෙන් සැදුම්ලත් ගජබා රෙජිමේන්තුවට දේශයේ උත්තමාචාරය නිසැකවම හිමි වී ඇත.

නුතන තාක‍්ෂණයෙන් සමන්විත අති නවීන යුධෝපකරණ පරයා දේශහිතෛෂී වු, නිර්භීත වු, චිත්ත ධෛර්යයෙන් උසස් අභීත සොල්දාදුවන්ගෙන් සමන්විත වු හමුදාවක් නිවැරදි නායකත්වයක් තුලින් මෙහෙයවිය හැකි බව ගජබා විරුවෝ ඉතිහාසයට සාක්ෂි සපයා ඇත. එවන් අති දක‍ෂ හමුදාවකින් දේශයේ ආරක‍්ෂාව මෙන්ම අභිමානය මනාව තහවුරු වේ. මව්බිම දේශීය හා විදේශීය හතුරු උපද්‍රවයකට පත්වී ඇති ඕනෑම අවස්ථාවක මෙන්ම ස්වාභාවික විපතට පත් වු අවස්ථාවන්හිදී ද සහෝදර ජනතාව වෙනුවෙන් තම දිවි දෙවැනි කොට ඔවුන් එම ව්‍යවසනයෙන් බේරා ගැනීමේ ජාතික මෙහෙවර රටක යුධ හමුදාවට ආවේනික වු ගුණාංගයකි. එවන් වු වීරෝධාර පුතුන්ගෙන් සැදුම්ලත් ගජබා රෙජිමේන්තුවට දේශයේ උත්තමාචාරය නිසැකවම හිමි වී ඇත.

ශ්‍රී ලංකාද්වීපයේ ආරක‍්ෂාව හා උන්නතිය උදෙසා කළ මහඟු හා අමිල සේවාව වෙනුවෙන් තම වටිනා ජීවිත කැපකළ හා රුධිරය වැගුරූ දහස් ගනණක් වූ වීරෝධාර රණවිරුවන් හට උපහාර පිදීම යුගයේ අවශ්‍යතාවක් බව පසක් වූ හෙයින්, සමස්ත යුද හමුදා ඉතිහාසයේ පවත්නා සම්ප්‍රදායන් හා චාරිත්‍රයනට අනුකූලව පාබල රෙජිමේන්තු සඳහා පමණක්ම ප්‍රධානය කරනු ලබන ජනාධිපති වර්ණ හා රෙජිමේන්තු වර්ණ ගජබා රෙජිමේන්තුව වෙත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති තුමන් විසින් වර්ෂ 2007 ක් වු ජනවාරි මස 16 වන දින යුද හමුදා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් යුද හමුදා මුලස්ථාන ක්‍රීඩා පිටියේදී අති උත්කර්ෂවත් අන්දමින් පිරිනැමීම ගජබා පවුලේ සියලුම සාමාජිකයින්ගේ ප්‍රෞඩත්වය විදහා දැක්වීමක් මෙන්ම, එය සියළුම ගජබා රණවිරුවන් ලද සුවිශේෂී ජයග්‍රහණයක් බව සඳහන් කළ යුතුය.

ජනාධිපති වර්ණ ප්‍රදානෝත්සවයේ පෙළපාළිය හැඩ ගැන්වීමට දායක වුවෝ

පෙළපාළිය අණදෙන්නා මේජර් ජෙනරල් යු බී එල් ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී
පෙළපාළියේ දෙවන අණදෙන්නා බිගේඩියර් ටී බී මෝර්සෙත් ආර්ඩබ්ලිව්පී
ධජ භාර දෙන්නන් ලුතිතන් කර්නල් ජී එස් බී තැන්නේ ආර්එස්පී
මේජර් එස් පී අලූවිහාරේ
රෙජිමේන්තු සැරයන් මේජර් බලලත් නිලධාරි 1 කේ ජී අබේකෝන් බංඩා
රෙජිමේන්තු සරඹ උපදේශක බලලත් නිලධාරි 11 සුවඳරත්න ඩී ඩී

වර්ණ ධජ ගණය

ජනාධිපති වර්ණ ධජය දරන්නා නි/64959 ලුතිතන් වී එම් එම් ඩබ්ලිව් සී ජේ තෙන්නකෝන්
රෙජිමේන්තු වර්ණ ධජය දරන්නා නි/64414 ලුතිතන් ඩී කේ ඩී එස් ඒ පී දයානන්ද
වර්ණ ධජ ඝණ ආරක‍්ෂක සෙ/76402 බලලත් නිලධාරි 11 තිලකරත්න ඒ පී
සෙ/452924 මාණ්ඩලික සැරයන් හේවාවසම් එම් පී ඩී කේ
සෙ/450530 මාණ්ඩලික සැරයන් බංඩාර එම් එම් එස්

පෙළපාළියේ සෙසු පිරිස

රෙජිමේන්තු මධ්‍යස්ථාන මණ්ඩලය නි/63427 කපිතන් එම් එස් සමරසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී
සෙ/453109 සැරයන් ආරියදාස බී එම්
1 වන බළඇණි ඛණ්ඩය නි/64026 කපිතන් ජේ බී එන් බී ජයසුරිය
සෙ/453082 සැරයන් පෙරේරා එස් ඒ එන් ජේ
2 වන (සෙව්ච්ජා) බළඇණි ඛණ්ඩය නි/5051 කපිතන් ජී සී එස් ෆොන්සේකා
සෙ/00748 සැරයන් වීරසිංහ ජී
3 වන බළඇණි ඛණ්ඩය නි/64872 කපිතන් එම් එම් ජේ ගුණවර්ධන
සෙ/453085 සැරයන් කුමාර ඩී ඒ එල්
4 වන බළඇණි ඛණ්ඩය නි/64344 කපිතන් ආර් ඒ එස් රණසිංහ
සෙ/0098 සැරයන් වීරසිරි එස් එම්
5 වන (සෙව්ච්ජා) බළඇණි ඛණ්ඩය නි/4612 කපිතන් ඩී එස් පී ලියනගේ
සෙ/00082 සැරයන් කුමාර ඩබ්ලිව් එස් ඩී
6 වන බළඇණි ඛණ්ඩය නි/64902 කපිතන් එස් කේ අඹගහදූව
සෙ/450630 සැරයන් ජයනෙත්ති එච් ආර් ආර්එස්පී
7 වන (සෙව්ච්ජා) බළඇණි ඛන්ඩය නි/5893 කපිතන් වී පී යු ජයතිස්ස
සෙ/00118 සැරයන් කුමාරගම ඩබ්ලිව් එම් ටී ජී
8 වන බළඇණි ඛණ්ඩය නි/64298 කපිතන් එස් ඒ ඩබ්ලිව් සුරවීර
සෙ/457812 සැරයන් කුමාරසිරි එස් පී
9 වන බළඇණි ඛණ්ඩය නි/64486 කපිතන් එච් ඊ සී එන් සී පුෂ්පකුමාර
සෙ/454856 සැරයන් තැන්නේගෙදර එස්
10 වන බළඇණි ඛණ්ඩය නි/63801 කපිතන් එච් ආර් පී එස් කේ හඳගම
සෙ/450017 සැරයන් ද සිල්වා ඒ පී
11 වන (සෙව්ච්ජා) බළඇණි ඛණ්ඩය නි/5000 කපිතන් එච් එම් එස් ඩී කේ හේරත්
සෙ/000854 සැරයන් ගුණරත්න එම් පී
12 වන බළඇණි ඛණ්ඩය නි/5092 කපිතන් ආර් එම් ආර් බී බී රත්නායක
සෙ/00172 සැරයන් දයාරත්න ආර් අයි යු
15 වන (සෙව්ච්ජා) බළඇණි ඛණ්ඩය නි/1592 කපිතන් ආර් එම් ඩී පී රත්නායක
සෙ/15ජී00171 සැරයන් දයාරත්න ආර් ටී එම්
සරඹ උපදේශක ඛණ්ඩය නි/63438 කපිතන් ඒ එම් ආර් එස් අධිකාරි
රෙජිමේන්තු උපකරණ පාලක නි/63634 මේජර් (උපා) කේ කේ අයි ඩබ් එම් විමලසේන යුඑස්පී
රෙජිමේන්තු උපකරණ පාලක සැරයන් මේජර් සෙ/76236 බලලත් නිලධාරි 1 එස් කේ ටී අතුරුපාන


රෙජිමේන්තුවට අභිමානය ගෙන එමින් අතිගරු ජනාධිපති උතුමාණන් වෙතින් ප්‍රධානය වූ ජනාධිපති වර්ණ සහ රෙජිමේන්තු වර්ණ



ජනාධිපති වර්ණ ධජ සහ රෙජිමේන්තු වර්ණ ධජ සමගින් පෙළපාලිය අතිගරු ජනාධිපති උතුමාණන් වෙත ආචාර දැක්වු අයුරු



වර්ණ පෙළපාලිය සඳහා සහභාගී වු සරඹ උපදේශක ඛණ්ඩය පෙළපාලියේ ගමන්ගත් අයුරු