Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

රෙජිමේන්තු ගීතය

පෙරමුණේ සිට හෙලය රකිනා
අපයි ගජබා බළමුළු
එදා හෙල රජ යුගය සිහිකර
මෙදා බුජ බළ පෙන්වමු ……………………//

නීල සෙන්පති සමග ගජබා නිරිඳු රණ ගී ගය ගයා
කළම්බා සත් සයුර එතෙරව සොළින්ගේ එඩි සුන් කළා ……………………//

දොළොස් දහසට සුවිසු දහසක් රැගෙන විත් තෙද බළය පා
දෑභිමානය පෙන්වු එඩිතර හෙල පුතුන් මග යමු නොබා ……………………//

රජ රටේ අනුරාපුරය අප නිජ බිමයි එය ජය බිමයි
ස්වර්ණමාලි සෑ රජුන්ගේ සෙවණ දෑ අභිමන් වඩයි ……………………//
තුන් කෙළක් අඩ හෙලේ ජනතා සුරැකුමට ලැබ ගෙන වරම්
අපේ ළය එඩි පපා පෙරටම මිසක් ආපසු නැත ගමන් ……………………//

පෙරමුණේ සිට හෙලය රකිනා ……………………//

තනුව :- නිහාල් ගම්හේවා
පද රචනය :- විජයරත්න අතුරුපාන

Download Song