Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

මුලස්ථාන බළඇණිය ගජබා රෙජිමේන්තුව

ගජබා රෙජිමේන්තු මුලස්ථාන බළඇණියෙහි ඉතිහාසය

මෙම බළඇණිය 1994 මැයි මස 27 වන දින ගජබා රෙජිමේන්තුවේ ස්වාධින එකකයක් වශයෙන් සාලියපුර කඳවුරේදී ස්ථාපනය කරන ලදි. මෙම බළඇණිය පිහිටුවිමේ ප්‍රධාන අරමුණ වනුයේ ක්‍රියාන්විත/ක්‍රියාන්විත නොවන හේතුන් මත තුවාල ලැබු සෙබලුන්ගේ හා මියගිය සෙබළුන්ගේ ලගම ඥාතින් ගේ සුබසාධන හා පාලන කටයුතු සිදු කිරිමයි.

පසුව මෙම බළඇණිය 1999 ඔක්තෝබර් මස 08 වන දින රෙජිමේන්තු මුලස්ථාන බළඇණිය වශයෙන් නම් කර ඇති අතර, සේනපුර ප්‍රදේශයේ ස්ථානගතව පවතී. 2001 ඔක්තෝබර් මස 15 වන දින මේජර් ඩිජෙඅයි පෙරමුනගමගේ ආර්ඩබ්පි ප්‍රථම අණදෙන නිළධාරි වශයෙන්ද, මේජර් කේජිඒපිඑන් පියතිස්ස ප්‍රථම දෙවන අණදෙන නිළධාරි වශයෙන් ද, කපිතන් යුකේඩිජිපි උඩුගම ආර්එස්පී ප්‍රථම විධායක අධිකාරි වශයෙන් ද හා බනි 11 සුවර්ණපාල එස්ඒ ප්‍රථම රෙජිමේන්තු සැරයන් මේජර් වශයෙන් ද රාජකාරින් සිදුකර ඇත.

නිලධාරින් 171 ක් සහ සෙසුනිළයින් 4069 ක් ක්‍රියාන්විතයේදි ජිවිත පුජා කර ඇති අතර, නිලධාරි 31 දෙනෙක් සහ සෙසුනිළයින් 643 දෙනෙකු ක්‍රියාන්විත නොවන හේතුන් මත මියගොස් ඇත. තවද නිලධාරි 14ක් සහ සෙසුනිළයින් 242 ක් ක්‍රියාන්විත හේතුන් නිසා තුවාල ලබා ඇත. ක්‍රියාන්විත නොවන හේතුන් මත නිළධාරින් 01 ප්‍රමාණයක් සහ සෙසුනිළයින් 268 ප්‍රමාණයක් තුවාල ලබා ඇත.

මෙම ඒකකයට අනියුක්තව දැනට නිලධාරි 19 ක් හා සෙසුනිලයින් 646 ක පිරිසක් සිටින අතර, ඔවුන් අතුරින් සෙසුනිළයින් 16 දෙනෙකු පුනුරුත්තාපනය හා වැඩි දුර ප්‍රථිකාර සඳහා පහත දක්වා ඇති පුනුරුත්තාපන මධ්‍යස්ථාන වලට ඇතුලත් කර ඇත.

රණවිරු සෙවන - රාගම - 01
අබිමංසල 1 - අනුරාධපුර - 02
අබිමංසල 11 - කඹුරුපිටිය - 04
අබිමංසල 111 - පාංගොල්ල - 03
මිහිදුසෙත් මැදුර - අත්තිඩිය - 06

මෙම එකකය වෙතින් ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ජිවිත පුජාකර ඇති නිලධාරීන් හා සෙසුනිලයින්ගේ ලගම ඥාතින්ට හා ක්‍රියාන්විත හේතුන් මත තුවාල ලබා අබාධිතව ඇති අයවළුන් වෙනුවෙන් සිදුකර ඇති සුභසාධන විස්තරයන් පහත සඳහන් පරිදි වේ.

  • අපි වෙනුවෙන් අපි නිවාස ව්‍යාපෘතිය යටතේ නිලධාරින් 05 ක් හා සෙසුනිළයින් 148 ක් සඳහා නිවාස ලබාදීම.
  • පරිත්‍යාගශිලින් විසින් ඉදිරකරන ලද /පරිත්‍යාග කරන ලද නිවාස - 08.
  • රු.500000.00 ක ණය මුදලක් 34 දෙනෙකු සඳහා ලබාදීම.
  • සේවා වනිතා ඒකකය විසින් 19 දෙනෙකු සඳහා නිවාස ණය ලබාදීම
  • ආරක්ෂක අමත්‍යංශය වෙතින් 16 දෙනෙකු සඳහා නිවාස ණය ලබාදීම.

මෙම එකකය අණ හා පාලන කණ්ඩායම‚ ආබාධිතයින් රඳවා ගැනිමේ කණ්ඩායම‚ ලේඛනගත කිරිමේ කණ්ඩායම හා ක්‍රිඩා කණ්ඩායම වශයෙන් අන්තර්ගතව ඇත. 2010 සහ 2014 වර්ෂයේ මෙම එකකයේ ක්‍රිඩා කණ්ඩායම යුධ හමුදා අන්තර් රෙජිමේන්තු පැරා ක්‍රිඩා තරග වලදි ශුරතාවය දිනාගෙන ඇති අතර, 2015 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා එම තරගාවලි පැවති වර්ෂවලදි එම කණ්ඩායම අනුශුරයන් බවට පත්ව ඇත.

අණදෙන නිලධාරි වරුන්ගේ නාම ලේඛනය
අ/අ නම සිට දක්වා
1. මේජර් ඩිජේඅයි පෙරමුණුගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 1994.02.10 1998.09.13
2. මේජර් ඩිජේඅයි පෙරමුණුගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 1994.02.10 1998.09.13
3. මේජර් ජේ දැඩිමුණි (වැබ) 1998.09.13 1998.09.13
4. මේජර් ඩිජේඅයි පෙරමුණුගමගේ ආර්ඩබ්ලිව්පී 1998.11.30 2001.02.01
5. මේජර් ඩිවිපී කාරියවසම් ආර්එස්පී (වැබ) 2001.02.01 2001.03.27
6. ලුතිතන් කර්නල් ඩිජේඅයි පෙරමුණුගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2001.03.27 2001.09.08
7. මේජර් ඩබ්ලිව් ප්‍රේමශාන්ත ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2001.09.24 2002.07.15
8. මේජර් ජේඑමිඑස්එස් ජයසුන්දර ආර්එස්පී 2002.07.15 2004.02.09
9. මේජර් කේජීඒපීඑන් පියතිස්ස (වැබ) 2004.02.09 2004.05.25
10. ලුතිතන් කර්නල් ජේඑම්එස්එස් ජයසුන්දර ආර්එස්පී 2004.05.26 2004.06.18
11. ලුතිතන් කර්නල් එස්පිඒ රොද්‍රිගෝ ආර්ඩබ්ලිවිපී ආර්එස්පී 2004.06.25 2004.11.08
12. මේජර් එස්බිආර්කේ ප‍්‍රනාන්දු ආර්එස්පී (වැබ) 2005.06.24 2007.01.04
13. මේජර් එම්කේබි පුෂ්ප කුමාර (වැබ) 2007.01.04 2007.07.26
14. ලුතිතන් කර්නල් එම්කේබි පුෂ්ප කුමාර 2007.07.26 2008.05.07
15. මේජර් ටිඑස් බාලසුරිය (වැබ) 2008.05.07 2008.06.13
16. ලුතිතන් කර්නල් එස්බිආර්කේ ප‍්‍රනාන්දු ආර්එස්පී යුඑස්පී 2008.06.13 2010.09.09
17. ලුතිතන් කර්නල් විඑම්කේ බංඩාර ආර්එස්පී 2010.09.09 2012.01.27
18. මේජර් ඒටිජේඑස් බංදුසේන (වැබ) 2012.01.27 2012.08.06
19. ලුතිතන් කර්නල් ඩිසිසිඩිආර් වෛද්‍යසේකර ආර්එස්පී 2012.08.06 2015.09.25
20. ලුතිතන් කර්නල් ටිඑමි හෙට්ටිආරචිචි ආර්එස්පී 2015.09.25 2016.09.19
21. ලුතිතන් කර්නල් ජේපී විතානාච්චි ආර්ඩබ්ලිව්පී යුඑස්පී 2016.09.19 2018.06.20
22. කර්නල් ජේපී විතානාච්චි ආර්ඩබ්ලිව්පී යුඑස්පී 2018.06.20 2019.05.08
23. ලුතිතන් කර්නල් එම්එස්සී පිරිස් ආර්එස්පී යුඑස්පී 2019.05.09 2020.06.14
24. කර්නල් එම්එස්සී පිරිස් ආර්එස්පී යුඑස්පී 2020.06.15 2020.10.20
25. ලුතිතන් කර්නල් කේඩීසිජේ සිරිවර්ධන ආර්එස්පී යූඑස්පී 2020.10.21 2022.05.11
26. මේජර් ආර්එම්එල්යූඒ රත්නායක 2022.05.12 2023.06.21
27. ලුතිතන් කර්නල් එම්එන්කේ කුමාර ආර්එස්පී 2023.06.22 මේ දක්වා
සම්බන්ධීකරණ විස්තර
ලිපිනය:
යුධ හමුදා කඳවුර
සේනපුර
අනුරාධපුරය
Tp No :- 025 2236145
Email :- rftgajaba@gmail.com