Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

8 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව

8 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ ඉතිහාසය

මේජර් ටී බී මෝසෙත් ආ¾එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අණදීම යටතේ වර්ෂ 1992 ක් වූ දෙසැම්බර් මස 17 වන දින සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී මෙම බළඇණිය ආරම්භ කරන ලද අතර, දෙවන අණදෙන නිලධාරී ලෙස මේජර් එල්එච්එස්සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ වැඩ බලන රෙජිමේන්තු සැරයන් මේජර් ලෙස බනි 11 චන්ද්‍රසිරි කටයුතු කරන ලදි. පසුව ඒකකයේ දෙවන අණදෙන නිලධාරී ලෙස රාජකාරි කල මේජර් එල්එච්එස්සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී ඒකකයේ අණදෙන නිලධාරි ලෙස 1995.08.25 වන දින රාජකාරී භාරගන්නා ලදි.

8 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව ස්ථාපනය කිරීම

එවකට පැවති යුධමය වාතාවරණය මත අලිමංකඩ ප්‍රෙද්ශයේ පැවති දරුණු සටන් වලින් පසුව 2000.06.04 වන දින සිට වසරකට අධික කාළ සීමාවක් මෙම බළඇණිය 1 වන ගජබා රෙජිමේන්තුව සමඟ ඒකාබද්ධ කර තිබු අතර, හචනි - 2001/18 ප්‍ර (06)51/මංරා හා 2001.06.18 දිනැති හමුදා චර්යා නියෝගය මගින් ස්වාධීනව ක්‍රියාත්මක වීමට අනුමැතිය ලැබුණි. එහිදී බළඇණියේ අණදෙන නිලධාරි ලෙස භාරදූර වගකීම භාරගනු ලැබූවේ මේජර් එස්ඒඩීඑන්ජේ සුරවීර ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී විසිනි.

වර්ෂ 2001 ක් වූ ජූනි මස 20 වන දින නිලධාරීන් 15 දෙනෙකු සහ සෙසු නිලයින් 502 දෙනෙකුගෙන් සමන්විත 8 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව සාලියපුර කඳවුරේදී නැවත ස්ථාපිත කර රාජකාරී සිදුකරන ලදී. ඒකකය නැවත ස්ථාපනය කිරීමෙන් පසු දෙවන අණදෙන නිලධාරී ලෙස මේජර් ඩබ්ලිව්එම්ආර්ජේකේ සේනාරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරීද, කපිතන් ආර්එම්ඒබී රත්නායක ඒ කණ්ඩායම් නිලධාරී අණදෙන ලෙසත්, කපිතන් එච්එම්පී හීන්කෙන්ද ආර්එස්පී සී කණ්ඩායම් නිලධාරී අණදෙන ලෙසත්, ලුතිතන් එච්ඒඩබ්ලිව් තිසේරා ඩී කණ්ඩායම් නිලධාරී අණදෙන ලෙසත්, මේජර් එස්බී අමුණුගම ආර්එස්පී ආධාරක කණ්ඩායම් නිලධාරි අණදෙන ලෙසත්, ලුතිතන් එම්ඒඑච්ඩබ්ලිව් ප්‍රේමචන්ද්‍ර පලමු විධායක අධිකාරී ලෙසත්, බනි 1 ඩබ්ලිව්ඩීඊ ලිගෝරි රෙජිමේන්තු සැරයන් මේජර් ලෙසත් රාජකාරී භාරගන්නා ලදි.

පසුව මෙම බළඇණිය 2001 මැයි 25 වැනි දින පෙරියකුලම් දිස්ත්‍රික්කයේ 21 සේමු යටතේ බලඇණිය ස්ථානගත කරන ලද අතර, 2001 ජුලි 5 වන දින සිට හතරැස් කොටුව, මහමොරකන්ද, යකා වංගුව, ගල්පොත්ත, කිතුලුතුව කන්තලේ, මොල්ලිපොතාන, තඹලගමුව, සිංහකන්ද, පාලම්ටාර් සහ වෙල්ලන්කුලම යන ප්‍රදේශවල ස්ථානගත කර ඇත. 221 බසේමු යටතේ, බළඇණිය 2001.12.24 සිට ඕමන්තේ ප්‍රදේශයේ ස්ථානගත කර රාජකාරීන් සිදුකරනු ලැබු අතර, 2007 ජනවාරි 4 වන දින සේරුනුවර ප්‍රදේශයට පැමිණ 222 බසේමු යටතේ සේරුනුවර සිට ක්‍රියාන්විත රාජකාරීන් සඳහා සහභාගී වන ලදි.

ඉන් අනතුරුව 2007 ජනවාරි 27 වන දින බළඇණිය 56 සේමු යටතේ ඇති කොක්එළිය පාබල පුහුණු පාසලේ බළඇණි පුහුණුවීම් සඳහා සහභාගී වීමෙන් පසු 2008 මැයි 20 වන දින සිට මුලතිව් දිස්ත්‍රික්කයේ පාලමොඩෙයි ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරීවල නිරත විය. පසුව 2009 පෙබරවාරි 20 දින සිට 58 සේමු වෙත සම්බන්ධව මානුෂීය මෙහෙයුම සඳහා බලඇණිය 2009 සැප්තැම්බර් 15 දින පරන්තන් ප්‍රදේශයේ ස්ථානගත විය.

යුදමය කාළ සීමාව නිමාවෙන් පසු 2009 සැප්තැම්බර් 29 වන දින මෙම බළඇණිය සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය තුල ස්ථානගතව රාජකාරී කිරීමෙන් පසුව 2010 ජනවාරි 31 වැනි දින 7 (සෙව්) ගරෙ ඒකක පසුමූල කඳවුර වන මාතලේ, උකුවෙල ප්‍රදේශයේ ස්ථානගතව රාජකාරීන් සිදුකරනු ලබයි.

ශ්‍රී ලංකාද්වීපයෙහි භෞමික අඛන්ඩතාවය හා ස්වෛරීභාවට ආරක්ෂාකර රටට සාමය උදාකරලීම සඳහා ක්‍රියාත්මක කරන ලද නැගෙනහිර මානුෂීය මෙහෙයුම හා වන්නි මානුෂීය මෙහෙයුම සඳහා සක්‍රීය දායකත්වට ලබාදෙමින් සිය ජීවිත පරිත්‍යාගයෙන් අභීතව සටන්වැද විශාල කාර්යභාරයක් ඉටුකරන ලද මෙම බලඇණියේ නිලධාරීන් සහ සෙසුනිළයින් පරම වීර විභූෂණ පදක්කම් 01 කින්ද, වීර වික්‍රම විභූෂණ පදක්කම් 01 කින්ද, රණ වික්‍රම පදක්කම් 35 කින්ද හා රණ ශූර පදක්කම් 229 කින්ද පිදුම් ලබා ඇත.

මේ දක්වා රාජකාරි කරන ලද අණදෙන නිලධාරීන්

අනු අංකය නම සිට දක්වා
1. මේජර් ටීබී මෝසෙත් ආර්එස්පී 1992.10.20 1993.12.02
2 ලුති: කර්නල් ටීබී මෝසෙත් ආර්එස්පී 1993.12.02 1995.08.22
3. මේජර් එල්එච්එස්සී සිල්වා ඩබ්ඩබිවී ආර්ඩබ්ලිවිපී ආර්එස්පී 1995.08.22 1996.01.01
4. මේජර් එම්එම්ආර්කේ වන්නිනායක ආර්එස්පී 1996.01.01 1997.05.20
5. ලුති: කර්නල් එම්එම්ආර්කේ වන්නිනායක ආර්එස්පී 1997.05.20 1998.06.05
6. මේජර් ඊඑම්එස්වීබී ඒකනායක ආර්එස්පී 1998.06.05 2000.05.10
7. මේජර් එස්ඒඩීඑන්යූ සුරවීර ආර්එස්පී 2001.06.21 2002.10.21
8. මේජර් එච්ආර්එන් ප්‍රනාන්දු ආර්එස්පී 2002.10.21 2003.03.21
9. ලුති: කර්නල් එච්ආර්එන් ප්‍රනාන්දු ආර්එස්පී 2003.03.21 2005.12.31
10. ලුති :කර්නල් එච්එල්වීඑම් ලියනගේ ආර්එස්පී 2005.12.31 2008.06.23
11. මේජර් ජේඑම්එන්කේ ජයසුන්දර 2008.06.23 2008.11.10
12. මේජර් එම්ජීඩබ්ඩබ්ඩබ්එම්සීබී වික්‍රමසිංහ පීඑස්සී 2008.11.10 2008.12.21
13. ලුති :කර්නල් එම්ජීඩබ්ඩබ්ඩබ්එම්සීබී වික්‍රමසිංහ පීඑස්සී 2008.12.21 2011.11.16
14. ලුති :කර්නල් ඩබ්ලිව්එච්කේඑස් පීරිස් ආර්එස්පී 2011.11.16 2013.11.08
15. කර්නල් ඩබ්ලිව්එච්කේඑස් පීරිස් ආර්එස්පී 2013.11.08 2014.03.25
16. මේජර් එම්ඒඑච්ඩබ්ලිවි ප්‍රේමචන්ද්‍ර ආර්එස්පී 2014.03.25 2014.10.10
17. ලුති :කර්නල් එම්ඒඑච්ඩබ්ලිවි ප්‍රේමචන්ද්‍ර ආර්එස්පී 2014.10.10 2017.01.04
18. මේජර් බීඒඩීඑන්කේ බුලත්සිංහල ආර්ඩබ්ලිවිපී ආර්එස්පී පීඑස්සී 2017.01.04 2017.05.29
19. ලුති :කර්නල් බීඒඩීඑන්කේ බුලත්සිංහල ආර්ඩබ්ලිවිපී ආර්එස්පී පීඑස්සී 2017.05.29 2019.01.28
20. මේජර් අයිඒඩීආර්පි ගුණතිලක ආර්ඩබ්ලිවිපී යූඑස්පී 2019.01.28 2020.02.04
21. ලුති :කර්නල් අයිඒඩීආර්පි ගුණතිලක ආර්ඩබ්ලිවිපී යූඑස්පී 2020.02.04 2021.01.15
22. මේජර් එච්එම්ඒඑබී හීන්කෙන්ද ආර්ඩබ්ලිවිපී ආර්එස්පී 2021.01.15 2021.06.22
23. ලුති :කර්නල් එච්එම්ඒඑබී හීන්කෙන්ද ආර්ඩබ්ලිවිපී ආර්එස්පී 2021.06.22 2022.08.15
24. මේජර් වයිඑස්එච්එන්පී සිල්වා යූඑස්පී පීඑස්සී 2022.08.15 2022.10.10
25 ලුති :කර්නල් වයිඑස්එච්එන්පී සිල්වා යූඑස්පී පීඑස්සී 2022.10.10 2024.02.31
26 මේජර් ඩීඩීජී විසිදාගම ආර්එස්පී යුඑස්පී 2024.03.01 මේ දක්වා
සම්බන්ධීකරණ තොරතුරු :


     
ලිපිනය :

මූලස්ථානය
8 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව
යුද හමුදා කඳවුර
තවලන්කොය
උකුවෙල
මාතලේ

     
දුරකථන : 0283897553
0662245230
විද්‍යුත් තැපැල් : 8gr@army.lk
8grbnhq@gmail.com