Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

7 වන (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුව

7 වන ස්වේච්ඡා බලඇණියේ ඉතිහාසය

දේශයේ ස්වෛරිත්වය හා භෞමික අඛණ්ඩතාවය සුරක්ෂිත කිරීමෙහිලා පාබල බලඇණියක් වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට හා අභිමානවත් ගජබා රෙජිමේන්තුවට නව සාමාජිකයෙකු ලෙස අතිගරු ජනාධිපති තුමාගේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව පාබල බලඇණියක් වශයෙන් ස්ථාපනය කිරිම උදෙසා එවකට යුද්ධ හමුදාධිපතිව සිටි ලුතිතන් ජෙනරාල් එච් වනසිංහ විඑස්වි එන්ඩිසි විසින්1990 නොවැම්බර් 28 වන දින නිකුත් කරන ලද අංක ARO/31/90GVF/29 (41) දරණ හමුදා චර්යා නියෝගය මඟින් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් අනතුරුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පන්කුලම මොරවැව වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැඟිල්ලේ 1990 දෙසැම්බර් 14 වැනි දින නිල වශයෙන් මෙම බලඇණිය ආරම්භ කරන ලදි.

1990 දෙසැම්බර් මාසයේ ආරම්භ කරන ලද මෙම බලඇණියට ආරම්භක සාමාජිකයින් ලෙස 2(ස්වේ) ගජබා රෙජිමේන්තුව වෙතින් නිලධාරීන් 06 දෙනෙක් හා සෙසුනිලයින් 203 ක්ද, 5 (ස්වේ) ගජබා රෙජිමේන්තුව වෙතින් නිලධාරී 01 ක් හා සෙසුනිලයින් 125 දෙනෙකු හා යුද්ධ හමුදා විද්‍යාපීඨය - දියතලාව වෙතින් පුහුණුව ලැබූ නවක නිලධාරීන් 02 ක් මෙන්ම ස්වේච්ඡා පුහුණු පාසල - දියතලාව වෙතින් ආධුනික පුහුණු පාඨමාලාව නිමා වූ ආධුනිකයින් 100 දෙනෙකුගෙන් සමන්විතව නිලධාරීන් 09 දෙනෙකු සහ සෙසුනිලයින් 428 දෙනෙකු ඇතුලත් විය. පළමු අණදෙන නිලධාරි ලෙස 2 (ස්වේ) සිංහ රෙජිමේන්තුවේ සිට පැමිණි ලුතිනන් කර්නල් ඒඩීජේජී සුරවීර යන ජ්‍යෙෂ්ඨ නිලධාරි වැඩ භාරගත් අතර, 2 (ස්වේ) සිංහ රෙජිමේන්තුවේ සිට පැමිණි මේජර් එල් විජේකෝන් දෙවන අණදෙන නිලධාරි ලෙස වැඩ භාරගන්නා ලදි. පලමු විධායක අධිකාරි ලෙස 4 වන ගජබා රෙජිමේන්තුවේ සිට පැමිණි කපිතන් වීඒපී සමරවීර යන නිලධාරි සහ 2 (ස්වේ) ගජබා රෙජිමේන්තුව වෙතින් පැමිණි බනි I එම් එල් ජී ධනපාල යන බලලත් නිලධාරිපලමු රෙජිමේන්තු සැරයන් මේජර් ලෙස වැඩ භාර ගන්නා ලදි. එලෙස ආරම්භ කරන ලද මෙම බලඇණිය ශ්‍රී ලංකා මාතෘ භූමියේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව සුරැකීම සඳහා දශක 3 කට අධික කාලයක් අණදෙන නිලධාරීවරුන් 9 දෙනෙකුගේ අණදීම යටතේ බලඇණියක් ලෙස කිර්තිමත්සේවාවක් මාතෘ භුමිය උදෙසා ඉටු කරන ලදි.

මෙම බලඇණිය ආරම්භයේ සිටම ප්‍රධාන වශයෙන් ප්‍රධාන සැපයුම් මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීමේ කාර්යය භාරයඉටු කරනු ලැබු අතර, ඊට අමතරව එවකට සිදු කරනු ලැබු ජය ගංගා, ඉන්ද්‍ර සැර I, ඉන්ද්‍රසැර II, රිවිකිරණ, උතුරු මානුෂීය මෙහෙයුම වැනි ප්‍රබල මෙහෙයුම් සඳහා ද දායක විය. මෙම ක්‍රියාන්විතයන් සදහා දිවි පරදුවට තබා සටන්කල සොල්දාදුවන්ගේ කැපවීමට සහ ඔවුන් දක්වන ලද වික්‍රමයන්ට ගෞරව කිරීම වස් වීර වික්‍රම විභූෂන පදක්කම් 01 ක් ද , රණ වික්‍රම පදක්කම් 02 ක් සහ රණශුර පදක්කම් 22 ක් ප්‍රදානය කර ඇත.

2022 වර්ෂයේ යුද්ධ හමුදා පුහුණු සැලැස්මට අනුව 2022.06.27 වන දින සිට මෙම ඒකකය බලඇණි පුහුණුවිම් පාඨමාලාව හදාරමින් සිටියදි රටතුල ඇති වු සමාජිය හා ආර්ථික ආර්බුද තත්වය හේතු කොටගෙන රටෙහි අගනුවර වන කොළඹ ප්‍රදේශයේ සිවිල් මහජනතාවගේ නොසන්සුන්කාරි හැසිරිම් පාලනය කර රටතුල ආර්ථික ස්ථාවරභාවය සහ ජාතික සමඟිය ඇති කරලිමේ අභිප්‍රායෙන් රජය විසින් ගනු ලැබු පියවරයන් මත 2022.07.06 වන දින යුද්ධ හමුදා මුලස්ථානය වෙතින් ලද නියෝග හා උපදෙස් ප්‍රකාරව පාඨමාලාව හදාරමින් සිටි අප බලඇණිය යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ සිට පැය 24 කට අඩු කාලසීමාවක් තුලදි පැවති හදිසි තත්වය මැඩ පැවැත්විම සදහා 2022.07.07 වන දින 53 වන සේනාංකය යටතේ (ගුවන් සංග්‍රාමික) බලසේනාවට අනියුක්තව රෙමශ්‍රීලවියාඉ - මැලේ විදියෙහි ස්ථාන ගතවන ලදි.

පසුව 2022.09.12 දින සිට ස්ථිරවම ආසේමු (යා) බලප්‍රදේශයෙන් ඉවත් වි ආසේමු (බටහිර) ට අනියුක්තව 14 පාසේමු අණදිම මත 142 බසේමු යටතේ අමාත්‍ය/මන්ත්‍රී නිවාස, පාර්ලිමේන්තු සැසි වාර සදහා ආරක්ෂාව ලබාදිම හා නීති විරෝධි උද්ඝෝෂණ විසුරුවා හැරිම සදහා ශ්‍රී ලංකා පොලිසියට සහය ලබා දෙමින් හදිසි තත්වයන් මැඩ පැවැත්විම සඳහා අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි සිදු කරමින් ප්‍රභූ ආරක්ෂක රාජකාරි සදහා සහය ලබාදෙමින් 2022.08.17 වන දින සිට 2023.07.17 වන දින දක්වා රත්මලාන යුද්ධ හමුදා කඳවුර තුල ස්ථානගත වන ලද අතර, ශ්‍රි ලංකා යුද්ධ හමුදාව ප්‍රථිව්‍යුහගත කිරිමේ මුලෝපායික සැලැස්ම යටතේ .

2023.07.18 වන දින සිට මෙම ඒකකය 12 වන ගජබා රෙජිමේන්තුව ස්ථානගත සිටි අකුරේගොඩ යුද්ධ හමුදා මුලස්ථාන පරිශ්‍රය තුල 142 පාබල බලසේනාවට අනුයුක්තව තාවකාලිකව ස්ථානගත වන ලදි.

අණදෙන නිලධාරීන්ගේ නාමලේඛණය

අ:අ නම සිට දක්වා
1. ලුති:කර්නල් ඒඩිජේපි සුරවීර කේඑස්වි 14.12.1990 17.02.1994
2. ලුති:කර්නල් එල් විජේකෝන් 18.02.1994 09.05.1997
3. ලුති:කර්නල් ආර්එම් කුමාරසිංහ 14.05.1997 29.05.2004
4. මේජර් කේඑම් තිලකරත්න 29.05.2004 14.06.2007
5. ලුති:කර්නල් කේඑම් තිලකරත්න 15.06.2007 23.06.2008
6. මේජර් ජිකේජිඑස් කපුකොටුව 24.06.2008 14.03.2001
7. මේජර් ජිආර්ජි රණසිංහ (වැ:බ) 03.15.2011 22.06.2011
8. මේජර් ආර්එච්එස්පිකේ පෙරේරා ආර්එස්පි 23.06.2011   28.02.2012
9. ලුති:කර්නල් ආර්එච්එස්පිකේ පෙරේරා ආර්එස්පි 01.03.2012 10.10.2015
10. මේජර් ඩබ්ලිව්ආර් ප්‍රසන්න(වැ:බ) 16.12.2016 14.02.2017
11. ලුති:කර්නල් ඊපිඒ මංගල 11.10.2015 15.12.2016
12. මේජර් එස්ඒකේඩි ලේකම්ආරච්චි ආර්එස්පි 15.02.2017 03.06.2020
13. මේජර් ඩබ්ලිව්එස්අයි ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පි 04.06.2020 09.10.2021
14. ලුති:කර්නල් ඩබ්ලිව්එස්අයි ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පි 10.10.2021 09.01.2022
15. මේජර් එච්එම්එස්එස්බි කරුණාරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි 10.01.2022 18.09.2023
16. මේජර් එච්එම්ජේයුකේ හේරත් 18.09.2023 මේ දක්වා

සම්බන්ධීකරණ තොරතුරු

ලිපිනය :

මුලස්ථානය,
7 (ස්වේ) බලඇණිය ගජබා රෙජිමේන්තුව
යුද්ධ හමුදා කදවුර
අකුරේගොඩ පාර
පැලවත්ත

බත්තරමුල්ල

     
දුරකථන : 021 3734 827
021 4348484