Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

6 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව

6 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ ඉතිහාසය

අනූව දශකයේ මැද භාගයේ ජාතික අවශ්‍යතාවය මත යුධ හමුදාව තුල ඇති වු බළඇණි ව්‍යාප්තියත් සමගම ත්‍රස්ථවාදීන්ට එරෙහි සටනේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරමින් සිටි ගජබා රෙජිමේන්තුවට තම යුධ ශක්තිය හා පිරිස්බලය වඩාත් වර්ධනය කරගැනීම උදෙසා නව බළඇණියක අවශ්‍යතාවය දැනෙන්නට විය. එහි ප්‍රථිඵලයක් ලෙසින් වර්ෂ 1990 මැයි මස 17 වන දිනට යෙදුනුසුභ මොහොතින් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 6 වන ගජබා බළඇණියේ ආරම්භය සටහන් විය. නව බළඇණිය ශක්තිමත් කිරීම සදහා ඒ වන විට ස්ථාපිත ගජබා රෙජිමේන්තුවට අයත් නිත්‍ය බළඇණි වූ පළමුවන, තුන්වන හා හතරවන බළඇණි වෙතින් පිරිස් බළයෙන් හා අනෙකුත් මූලික අවශ්‍යතාවන්ගෙන් දායකත්වය ලබාදෙන ලදී.

6 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ පළමුවන අණදෙන නිලධාරියා වශයෙන් මේජර් එස් වනිගසේකර පත් කලද එවකට ඔහු එතෙර පාඨමාලාවකට සහභාගී වී සිටි බැවින් පළමු අණදෙන නිලධාරී වශයෙන් මේජර් ටී ඩබිලිවි ජයවර්ධන යන ජ්‍යෙෂ්ඨ නිලධාරී පත්විය. එසේ ආරමිභ වු මෙම නව බළඇණිය අණදෙන නිලධාරීගේ අණදීම යටතේ මුණ්ඩිමුරැප්පු ප්‍රදේශයේ ස්ථානගත වන ලදී. ඒ වන විට බළඇණියේ භඨපිරිස් ප්‍රමාණය නිලධාරීන් 22 කින් හා සෙසුනිළයින් 642 කින් සමන්විත විය.

වර්ෂ 1990 අගෝස්තු මස ත්‍රිකුණාමලය තෝපුර් සේරැනුවර යන ප්‍රදේශවල අනුඛණ්ඩ වශයෙන් මෙම බළඇණිය රාජකාරී කරන ලදී. අනතුරැව වර්ෂ 1990 සැප්තැම්බර් මාසයේදී යාපනය බලකොටුව ත්‍රස්ථවාදී ගහනයෙන් මුදවා ගැනීම ස‍දහා දියත් කරන ලද ත්‍රිවිධ බලය ක්‍රියාන්විතයට සහය ලබාදීම සදහා මණ්ඩතිවි ප්‍රදේශයට පැමිණි අතර එම ක්‍රියාන්විතයෙන් පසු පලාලි අවට ත්‍රස්ථවාදි ක්‍රියාකාරකමි මැඩපැවැත්වීම සදහා වාසවිලාන් පලාලි කඩිඩුවාන් සහ කන්කසන්තුරය යන ප්‍රදේශ වල ක්‍රියාත්මක කල ජයශක්ති මෙහෙයුමට මෙම ඒකක භඨපිරිස් සහභාගී විය.

වර්ෂ 1993 ජුනි මස මෙම ඒකකය අයියකචිචි ආරක්ෂක පවුරෙන් මිදී කයිටිස් හා මණ්ඩතිවි දුපත්වල ස්ථාන ගත වු අතර ඒකකයේ රයිෆල් කණ්ඩායමි කයිට්ස් දුපත්වල වෙන් වෙන් වශයෙන් ස්ථානගත විය.

වර්ෂ 1995 සැප්තැමිබර් මස මණ්ඩතිව් දුපතේ රාජකාරීන් 10 වන ගජබා රෙජිමේන්තුව වෙත භාරදී ඒකකය නැවත කයිට්ස් ප්‍රදේශයට පැමිණ ස්ථානගත වන ලදී.

රාජකාරීන් 10 වන ගජබා රෙජිමේන්තුව වෙත භාරදී ඒකකය නැවත කයිට්ස් ප්‍රදේශයට පැමිණ ස්ථානගත වන ලදී. ඒකකයේ මේ වන තෙක් දෙවන අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී කල මේජර් ඩීඑස්එන්කේ සේනාධීර ඩබිලිවි ඩබිලිවිවී ආර්ඩබිලිවිපී ආර්එස්පී 1996 ජනවාරී මස 25 වන දින තම තනතුරේ රාජකාරී මේජර් ඩීඑස්එචිආර්එන් ප්‍රනාන්දු ආර්එස්පී හට මීසාලේ කදවුරේදී භාරදෙන ලදී.

රිවිරැස ක්‍රියාන්විතයෙන් පසු 1996 ඔක්තෝබර් මස 25 වන දින මෙම ඒකකය මඩකලපුව ප්‍රදේශයට පැමිණ සන්දිවේලි, මාවඩිවෙමිබු, කලුවන්කේනි සහ වවිනතිවි යන ප්‍රදේශවල සියලුම රයිෆල් කණ්ඩායම්ද, සිත්තන්ඩි කදවුරේ මුලස්ථානයද ස්ථාන ගතවන ලදි.

6 වන බළඇණියෙහි රණකාමීත්වය හා ක්‍රීඩා ඇතුලු අනෙකුත් ක්ෂේත්‍රයන්හි දක්ෂතාවයන් වඩාත් තියුණු කිරිමෙහිලා අමරණීය සේවයක් සිදුකලාවු ද අති දක්ෂ ලෙස බළඇණිය හසුරැවමින් ත්‍රස්ථවාදීන්ට එරෙහිව සටන් බිමෙහි නොමැකෙන මතකයන් සනිටුහන් කරමින් ගජබා රෙජිමේන්තුවටත් පොදුවේ සමස්ථ ශ්‍රී ලංකා යුධ හමුදාවටත් කීර්තියක් අත්කර දීමට සමත් වුද පුරා වසර 03 කට අධික කාලයක් මුලුල්ලේ බළඇණියට අණදුන් නිලධාරී ලුතිතන් කර්නල් ජීඩීඑචිකේ ගුණරත්න ආර්ඩබිලිවිපී ආර්එස්පී තම භාරදුර්ය කාර්ය භාරය නව අණදෙන නිලධාරී ලෙස පත්වීමි ලත් මේජර් සීපී ගාල්ලගේ ආර්ඩබිලිවිපී ආර්එස්පී හට සිත්තන්ඩි කඳවුරේදී වර්ෂ 1997 ජුනි මස 06 වන භාරදීම් සිදුකරන ලදී.

මඩකලපු ප්‍රදේශයෙන් ඉවත්ව 1997 අගෝස්තු මස 27 වන දින සිත්තනිඩි ප්‍රදේශයේ රාජකාරී සිදුකරමින් සිටින කාල වකවානුවේදී මෙම ඒකක අණදෙන නිලධාරී වන මේජර් සීපී ගාල්ලගේ ආර්ඩබිලිවිපී ආර්එස්පී ලුතිතන් කර්නල් නිළයට උසස් වීමි ලද අතර, එම වසරේ සැප්තැමිබර් මස 24 වන දින ඒකක දෙවන අණදෙන නිලධාරී මේජර් එචිආර්එන් ප්‍රනාන්දු ආර්එස්පී තම තනතුරේ රාජකාරී මේජර් එස්ඒඩීඑන්ජේ සුරවීර ආර්එස්පී හට භාරදීම සිදුකරන ලදී.

අනතුරැව මෙම බළඇණිය වන්නි ප්‍රදේශයට පැමිණ ජයසිකුරැ ක්‍රියාන්විතය සදහා ගුවන් සංක්‍රමික බලසේනාවට එක්විය. පසුව පුලියන්කුලම ප්‍රදේශයේ බලය අත්පත්කර ගැනීමෙන් පසු බළඇණි මුලස්ථානය සහ සියලුම කණ්ඩායම් එම ප්‍රදේශයේ ස්ථානගත වන ලදී.

ජයසිකුරැ ක්‍රියාන්විතය තුලින් ත්‍රස්ථවාදීන් හට අති මහත් පරාජයක් අත්කර දෙමින් සතුරැ බලමුලු විනාශ මුඛයට ඇද දමමින් යුද්ධයේදී විජයග්‍රහණයන් අත්කර ගැනීමට 6 වන බළඇණිය සාර්ථක ලෙස මෙහෙයවු ද ඒකක භඨපිරිස්හි රණශුරත්වය ඉතාමත් ප්‍රථිඵලදායී ලෙස යොදා ගනිමින් සතුරාගේ දුර්වල ස්ථානයන් නිවැරදිව හදුනාගෙන පහරදීම සඳහා අති දක්ෂ ‍ලෙස තම භඨපිරිස් හසුරවමින් ඔවුන්ට නිසි නායකත්වය ලබාදෙමින් බළකොටු සිදබිඳ දැමුවාවු ද යුධ ශිල්පයෙහි පරිණත මෙන්ම සමස්ථ යුධ හමුදාව තුල කීර්තිමත් නිළධාරියෙකුවු ද 6 වන බළඇණියේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් සීපී ගාල්ලගේ ආර්ඩබිලිවsපී ආර්එස්පී තම භාරදුර රාජකාරීන් 1999 අප්‍රේල් මස 22 වන දින ඔමන්ත ප්‍රදේශයේදී මේජර් ඩීඑමිඑස් දිසානායක ඩබ්ලිව් ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී හට භාරදීම් සිදුකරන ලදී.

මෙම කාල වකවානුව ත්‍රස්ථවාදන්ට එරෙහි සංග්‍රාමයේ තවත් බිහිසුණු පරිචිචේදයක් විය. සංග්‍රාමයේ යමි අවස්ථා වලදී ඒකක භඨපිරිස් වල චිත්ත ධෛර්ය යම් පසු බෑමකට ලක්වන අවස්ථාවලදී ඔවුන් සමග සමීපව නැවත චිත්ත ධෛර්ය නංවාලීමටත් යුධ පෙරමුණේ සිට ඉතා දක්ෂ ලෙස තම භඨපිරිස් හැසිරවීමේ දැනුමක් ලද්දාවු පුරා වසර 03 කට ආසන්න කාලයක් ත්‍රස්ථවාදීන්ට එරෙහිව සංග්‍රාමයේ ඇති බිහිසුණු යුගයකදී ශ්‍රී ලංකාවේ සුවි‍ශේෂී ප්‍රහාරක බළසේනාවක් වු ගුවන් සංක්‍රමික බළසේනාව යටතේ ඉතා දක්ෂ හා ප්‍රථිඵලදායි ලෙස රාජකාරී ඉටුකල 6 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවට අර්ථවත් හා නිර්භීත නායකත්වයක් ලබාදුන් ඒකකයේ 04 වන අණදෙන නිලධාරීවරයා ලෙස ක්‍රියාකල මේජර් ඩීඑමිඑස් දිසානායක ඩබ්ලිව් ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී තම රාජකාරීන් නව අණදෙන නිලධාරී වශයෙන් පත්වු මේජර් කේඑචිසී කුමාරසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී හට භාරදීම 2002 ජුනි මස 03 වන දින සරසාලේ කදවුරේදී සිදුකරන ලදී.

ඉන් අනතුරැව 2002 ඔක්තෝබර් මස 14 වන දින ඒකකයේ සියලුම අයවලුන් බළඇණි පුහුණුවීම් සදහා යුධ හමුදා පුහුණු පාසල මාදුරැඔය වෙත පිටත්ව යන ලදී. නැවත 2002 දෙසැම්බර් මස 14 වන බළඇණි පුහුණුවීම් අවසන් කර සියලුම භටපිරිස් වැළිඔය ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරී සඳහා ස්ථානගත වු අතර, 2003 ජනවාරී මස 29 වන දින යාපනය කිලාලි ප්‍රදේශයට පැමිණෙන ලදී.

මේ වන විට රජය හා එල්ටීටීඊ සංවිධානය අතර සටන් විරාම ගිවිසුම අත්සන් කර තිබු බැවින් ඒකකය 2004 මාර්තු මස 02 වන දින කන්කසන්තුරය ප්‍රදේශයේ ආසේමු යාපනය අතිරේක බළඇණියක් ලෙස ස්ථානගත කරන ලදී.

මෙම ඒකක අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී කල මේජර් කේඑචිසී කුමාරසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පාඨමාලාවක් හැදෑරීම සදහා කෙටි කාල සීමාවකට ඒකකයෙන් බැහැරව ගිය බැවින් එම තනතුරේ රාජකාරී දෙවන අණදෙන නිලධාරී ලෙස කටයුතු කල මේජර් ඩබ්ලිව්ආර්එමි රත්නායක ආර්ඩබ්ලිව්පී විසින් ආවරණය කරන ලදී. ඒකක අණදෙන නිලධාරී තම පාඨමාලාව නිමාකර ඒකකය වෙත නැවත පැමිණි අතර 2005 මැයි මස 05 වන දින සියලුම භඨපිරිස් කන්කසන්තුරය ප්‍රදේශයෙන් ඉවත්ව 51 වන සේනාංක බළප්‍රදේශයට අයත් යාපනය නගරයේ ආරක්ෂාවට යොදවන ලදි.

ක්‍රියාන්විත රාජකාරීව් වලට මෙන්ම ඒකකයේ භඨපිරිස්හි සුභසාධක කටයුතු වලට මුල්තැන දෙමින් 6 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ උන්නතිය සදහා නොමැකෙන සේවයක් ඉටුකල ඒකකයේ අණදෙන නිලධාරී ලෙස අතිශූර ලෙස ඒකකය මෙහෙයවු මේජර් කේඑචිසී කුමාරසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී එම තනතුරේ රාජකාරීන් නව අණදෙන නිලධාරී ලෙස පත්වීම් ලද මේජර් ඩබ්ලිව් එම් ජේ ආර් කේ සේනාරත්න හට 2005 ජුනි මස 10 දින සුභ මොහොතින් අරියාලේ කදවුරේදී භාරදිම් භාරගැනීම් සිදුකරන ලදී.

එම කඳවුරේදීම මේජර් ඩබ්ලිව් එම් ජේ ආර් කේ සේනාරත්න ලුතිතන් කර්නල් නිලයට උසස් වීමි ලැබීය. 2005 සැප්තැම්බර් මස 26 වන දින ඒකකයේ සියලුම භට පිරිස් අරියාලේ ප්‍රදේශයේ රාජකාරී වලින් මිදී නගර්කෝවිල් කිලාලි සහ මුහමාලේ ප්‍රදේශ ආශ්‍රිතව ස්ථානගත වන ලදි.

නායක්තවයේ මහගු ගුණාංග විදහා පාමින් සංග්‍රාමයේ ඉතා අසීරැ අවස්ථා වලදී පවා මනා සංයමයෙන් යුතුව ක්‍රියාකලා වු ද අනෙකුත් සහෝදර බළඇණි සමග මිත්‍රශිලීව ක්‍රියාකිරීමට මහත් රැචියක් දැක්වුවා වුද 6 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී වශයෙන් ත්‍රස්ථවාදීන්ගේ තුන්වන ඊළාමි යුද්ධයට එරෙහිව අති දක්ෂ ලෙස සටන් මෙහෙයවු ද නිලධාරීන් හා සෙසුනිලයින්ගේ යහපැවැත්ම හා සුභසාධනයට මහගු සේවාවක් ඉටුකල ලුතිතන් කර්නල් ඩබ්ලිව් එම් ජේ ආර් කේ සේනාරත්න විසින් තම වගකීමි සහ රාජකාරීන් 2007 දෙසැම්බර් 14 වන දින නව අණදෙන නිලධාරී ලෙස පත්වු මේජර් ඩබ්ලිව් ආර් එම් රත්නායක ආර්ඩබ්ලිවිපී හට භාරදීම සිදුකරන ලදී.

2007 දෙසැම්බර් 21 වන දින සිට 2008 ජනවාරී මස 18 වන දින දක්වා කිලාලි ප්‍රදේශයේ ස්ථානගතව රාජකාරී ඉටුකිරීමට පැමිණි මෙම බළඇණිය 2008 ජනවාරී මස 19 වන දින සිට 2008 අප්‍රේල් මස 30 වන දින දක්වා කයිට්ස් දුපතට ආරක්ෂාව සපයමින් හා ඊට අමතරව සමුහ පුහුණුවීම් කටයුතු සිදුකරන ලදි. එම පුහුණුවීමි කටයුතු නිමාවෙන් පසු මෙම ඒකක භඨපිරිස් කිලාලිහි ස්ථානගතව ක්‍රියාන්විත රාජකාරීන් ඉටුකරමින් සිටි අතර, 2008 ජුලි මස 01 වන දින සිට බළඇණි පුහුණුවීමි කටයුතු සඳහා කචිචායි ප්‍රදේශයට පැමිණ බළඇණිය විශේෂ රාත්‍රී ක්‍රියාන්විත සමුහ පුහුණුවීම් සිදුකරනලදී.

බළඇණි පුහුණුවීම් නිමාවෙන් පසු 2008.11.14 වන දින කිලාලි ඉදිරි ආරක්ෂක වලල්ලට රාජකාරීන් සදහා පැමිණි අතර, එහිදී ත්‍රස්ථවාදීන් සමග මුහුණට මුහුණලා පැවැති දරැණු සටන් වලින් සතුරා පරාජයට පත්කර ත්‍රස්ථවාදී ආරක්ෂක වලල්ල බිඳදමා නොකඩවා ඉදිරියට ඇදුනු ඒකක භඨපිරිස් මුහමාලේ වෙත්තලකේනි පසුකර අලිමංකඩ ප්‍රදේශයට පැමිණෙන ලදී.

බළඇණි මුලස්ථානය 2009 ජනවාරී මස 19 වන දින කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථානගත වු අතර, ඒකක භඨපිරිස් තීරණාත්මක අධියරයකට පැමිණ තිබු වන්නි මානුෂීය මෙහෙයුමේ ඉදිරි ගමනට පෙරමුණ ගන්නා ලදි. තම රණශූරත්වය විදහා දක්වමින් බළඇණියට නායකත්වය දුන් අණදෙන නිලධාරී මේජර් ඩබ්ලිව් ආර් එම් රත්නායක ආර්ඩබ්ලිවිපී විසින් භටපිරිස් හට ඉදිරි ක්‍රියාන්විත සැලසුම හා භූමිය පිළිබද මනා අවබෝධයක් ලබාදීමට ක්‍රියාකරන ලදී. 2009 පෙබරවාරී මස 02 වන දින ඉරණමඩු ප්‍රදේශයට ලගා වු ඒකක භඨපිරිස් ත්‍රස්ථවාදී යුධ අගල් තරණය කරමින් ඉරණමඩු ප්‍රදේශය තම අණසකට නතු කරගනිමින් ත්‍රස්ථවාදීන් පරාජයට පත්කරමින් බළඇණියට විශාල කීර්තියක් ලබාදීමට සමත් විය.

ත්‍රස්ථවාදී බලකොටුවක් වු ඉරණමඩු ජයගත් ඒකක භඨපිරිස් 2009 මාර්තු 27 වන දින පුදුකුඩිරිප්පු ප්‍රදේශයට ලගා විය. දින ගණනාවක් තිස්සේ පැවති දරැණු සටන් වලින් පසු ඒකක භඨපිරිස් සෙසු බළඇණි වලට භඨපිරිස් හා එක්ව ත්‍රස්ථවාදීන් පරාජයට පත්කර 2009 මැයි මස 12 වන දින වන විට පුදුකුඩිරිප්පු ප්‍රදේශය හා ඒ අවට ප්‍රදේශවල සම්පුර්ණයෙන්ම බලය තහවුරැකර ගැනීමට සමත් විය.

2009 මැයි මස 12 වන දින ඒකක භඨපිරිස් කරෙයිමුල්ලිවෛක්කාල් ප්‍රදේශයට අවතීර්ණ වු අතර, අවසන් සටනේ අවසන් අධියර වු එහිදී වියරැ වැටී ත්‍රස්ථවාදීන් සමග ඇති වු දරැණු ගැටුම් අවසන් කරමින් ප්‍රාණ ඇපයට ගනිමින් සිටි සිවිල් ජනතාව ලක්ෂ ගණනක් ඉන් මුදවා ගෙන 2009 මැයි මස 19 වන දින මිලේඡ්ඡ කොටි ත්‍රස්ථවාදී නායකයා වු වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කර ත්‍රස්ථවාදය ශ්‍රී ලංකාද්වීපයෙන් තුරන් කිරිමේ මානුෂීය මෙහෙයුම විජයග්‍රාහී ලෙස අවසන් කරන ලදී.

අනතුරැව බළඇණිය කරෙයිමුල්ලිවෛක්කාල් හා වෙල්ලමුල්ලිවෛක්කාල් යන ප්‍රදේශවල සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කරමින් ත්‍රස්ථවාදී මරඋගුල් ඉවත් කරමින් අණදෙන නිලධාරී වු මේජර් ඩබ්ලිව් ආර් එම් රත්නායක ආර්ඩබ්ලිවිපී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ .මගපෙන්වීම යටතේ ත්‍රස්ථවාදී නායකයා සැගවී සිටි ප්‍රදේශයේ ආරක්ෂාව සම්පුර්ණයෙන්ම තහවුරැ කරගන්නා ලදි.

උතුරැ මානුෂිය මෙහෙයුම විජයග්‍රාහී ලෙස අවසන් කිරීමෙන් පසු බළඇණියේ භඨපිරිස් 2009 ජුනි මස 03 වන දින නැවත කිලිනොච්චිය ප්‍රදේශයට පැමිණෙන ලදී. අනතුරැව 2009 ජුනි මස 04 වන දින බළඇණිය ඕලුමඩු ප්‍රදේශයට පැමිණ ස්ථානගත වන ලදී.

2009 සැප්තැම්බර් මස 17 වන දින බළඇණිය ක්‍රියාන්විත රාජකාරී වලින් මිදී විශේෂ ප්‍රභූ ආරක්ෂක රාජකාරී සදහා කොළඹ තුරග තරග පිටිය වෙත පැමිණෙන ලදී. එහිදි උතුරැ මානුෂීය මෙහෙයුමේ විශිෂ්ඨ මෙහෙවරකට උරදුන් අණදෙන නිලධාරී වු මේජර් ඩබ්ලිව් ආර් එම් රත්නායක ආර්ඩබ්ලිවිපී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් 2009 නොවැම්බර් මස 06 වන දින අණදෙන නිලධාරී තනතුරේ රාජකාරීන් මේජර් ජේ එම් ඩබ්ලිව් කේ ජයලත් ආර්ඩබ්ලිවිපී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී ලෙස වැඩබලන අණදෙන වශයෙන් රාජකාරී කිරීමට භාරදෙනලදී.

වැඩබලන අණදෙන නිළධාරී ලෙස රාජකාරී ඉටුකරමින් සිටි මේජර් ජේ එම් ඩබ්ලිව් කේ ජයලත් ආර්ඩබ්ලිවිපී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී අණදෙන නිලධාරි තනතුරේ රාජකාරී 2010 පෙබරවාරී මස 27 වන දින බෘඩි නිවස - කොළඹ 07 කදවුරේදී මේජර් ජේ එම් එන් කේ ජයසුන්දර යන ජ්‍යෙෂ්ඨ නිලධාරී හට භාරදෙන ලදී.

අණදෙන නිලධාරී ලෙස විශිෂ්ඨ සේවාවක් ඉටුකල ලුතිතන් කර්නල් ජේ එම් එන් කේ ජයසුන්දර යන ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් 2012 ඔක්තෝබර් මස 22 වන දින බෘඩි නිවස කදවුරේදී අණදෙන නිලධාරී තනතුරේ රාජකාරී ලුතිතන් කර්නල් ජී ඒ ටී ගොඩේවත්ත ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී හට භාරදෙනලදී.

කොළඹ ප්‍රදේශයේ රාජකාරී නිමාවෙන් පසු 6 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ භඨපිරිස් 2015 මාර්තු මස 14 දින ආරක්ෂක සේනා මුලස්ථානය නැගෙනහිර බලප්‍රදේශයට අයත් මඩකලපු දිස්ත්‍රීක්කයේ නාවල්අඩි ප්‍රදේශයේ 23 සේනාංක මුලස්ථානයට සහ 233 වන බළසේනා මුලස්ථාන පාලනය යටතේ ස්ථානගත වන ලදී. ඒ අනුව එම ප්‍රදේශයේ ආරක්ෂාව හා සිවිල් සමිබන්ධීකරණ රාජකාරීන් බළඇණිය වෙත පැවරෙන ලදී.

2016 පෙබරවාරි මස 10 වන දින සිට අණදෙන නිලධාරී ලෙස පුරා වසර හතරකට ආසන්න කාලයක් ඒකකය වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් ඉටුකල ලුතිතන් කර්නල් ජී ඒ ටී ගොඩේවත්ත ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී අණදෙන නිලධාරී තනතුරේ කාර්ය භාරයන් නව අණදෙන නිලධාරී වශයෙන් පත්වීමි ලද මේජර් එස් ඩබ්ලිව් ආරචිචිගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරී හට සුභ මොහොතින් භාරදීම නාවල්අඩි කඳවුරේදී සිදුකරන ලදී.

2018 අගෝස්තු මස 22 වන දින අණදෙන නිලධාරී ලෙස පුරා වසර දෙකකට වැඩි කාලයක් ඒකකය වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් ඉටුකල මේජර් එස් ඩබ්ලිව් ආරචිචිගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරී අණදෙන නිලධාරී තනතුරේ කාර්ය භාරයන් නව අණදෙන නිලධාරී වශයෙන් පත්වීමි ලද මේජර් ආර් එස් ඒ ඩබ්ලිව් ඒ කේ අබේකෝන් ආර්එස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී හට සුභ මොහොතින් භාරදීම නාවල්අඩි කදවුරේදී සිදුකරන ලදී. එම කදවුරේදීම මේජර් ආර්එස්ඒඩබ්ලිව්ඒකේ අබේකෝන් ආර්එස්පීපීඑස්සී 2020.02.04 වන දින ලුතිනන් කර්නල් නිලයට උසස් වීමි ලැබීය.

2021 ජනවාරී මස 06 වන දින අණදෙන නිලධාරී ලෙස පුරා වසර දෙකකට වැඩි කාලයක් ඒකකය වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් ඉටුකල ලුතිනන් කර්නල් ආර් එස් ඒ ඩබ්ලිව් ඒ කේ අබේකෝන් ආර්එස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී අණදෙන නිලධාරී තනතුරේ කාර්ය භාරයන් නව අණදෙන නිලධාරී වශයෙන් පත්වීමි ලද ලුතිනන් කර්නල් එච් පී ඒ සේනාරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී හට සුභ මොහොතින් භාරදීම නාවල්අඩි කඳවුරේදී සිදුකරන ලදි.

2021 මැයි මස 19 වන දින අණදෙන නිලධාරී ලෙස මාසපහක පමණ කාලයක් ඒකකය වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් ඉටුකල ලුතිනන් කර්නල් එච්පීඒ සේනාරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී අණදෙන නිලධාරී තනතුරේ කාර්ය භාරයන් නව අණදෙන නිලධාරී වශයෙන් පත්වීමි ලද මේජර් ආර් එම් ජේ බී රණරාජ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී හට සුභ මොහොතින් භාරදීම නාවල්අඩි කදවුරේදී සිදුකරන ලදී. එම කදවුරේදීම මේජර් ආර් එම් ජේ බී රණරාජ පීඑස්සී 2022.02.04 වන දින ලුතිනන් කර්නල් නිලයට උසස්වීම් ලැබීය.

2022 නොවැම්බර් මස 21 වන දින අණදෙන නිලධාරී ලෙස වසර එකහමාරක කාලයක් ඒකකය වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් ඉටුකල ලුතිනන් කර්නල් ආර් එම් ජේ බී රණරාජ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී අණදෙන නිලධාරී තනතුරේ කාර්ය භාරයන් නව අණදෙන නිලධාරී වශයෙන් පත්වීමි ලද මේජර් ආර් එම් එල් අයි රත්නායක යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී හට සුභ මොහොතින් භාරදීම නාවල්අඩි කදවුරේදී සිදුකල අතර, එම ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අණදීම යටතේ ඒකකය මට්ටක්කුලිය කඳවුරේ ස්ථානගතව ඇත.

තම මාතෘ භුමිය මුදවාගැනිමඋදෙසා 30 වසරක කුරිරැ යුද්ධය වෙනුවෙන් දක්වන ලද විශිෂ්ඨ දායකත්වය ඇගයීම වස් 6 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙසුනිළයින්විර වික්‍රම පදක්කමි 21කින් , රණ වික්‍රම පදක්කමි 150 කින් සහ රණ ශුර පදක්කමි 422 කින් පිදුමි ලබා ඇත.

අණදෙන නිලධාරි වරුන්ගේ නාම ලේඛණය

අනු අංකය  නම සිට දක්වා
1. ලුතිතන් කර්නල් ටීඩබ්ලිව් ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 1990.05.17 1994.05.17
2. ලුතිතන් කර්නල් ජීඩීඑච්කේ ගුණරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී 1994.05.17 1997.06.06
3. ලුතිතන් කර්නල් සීපී ගාල්ලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 1997.06.06 1999.04.22
4. මේජර් ඩීඑමිඑස් දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 1999.04.22 2001.10.20
5. ලුතිතන් කර්නල් කේඑචිසී කුමාරසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී 2001.10.20 2005.07.05
6. ලුතිතන් කර්නල් ඩබ්ලිව්එම්ජේආර්කේ සේනාරත්න 2005.07.05 2007.12.14
7. ලුතිතන් කර්නල් ඩබ්ලිව්එම්ආර් රත්නායක ආර්ඩබ්ලිව්පී 2007.12.14 2009.11.06
8. ලුතිතන් කර්නල් ජේඑම්එන්කේ ජයසුන්දර 2010.02.27 2012.10.22
9. ලුතිතන් කර්නල් ජීඒටී ගොඩේවත්ත ආර්එස්පී 2012.10.22 2016.02.10
10. මේජර් එස්ඩබ්ලිව් ආරචිචිගේ 2016.02.10 2018.08.22
11. මේජර් ආර්එස්ඒඩබ්ලිව්ඒකේ අබේකෝන් ආර්එස්පී පීඑස්සී 2018.08.22 2020.02.03
12. ලුතිනන් කර්නල් ආර්එස්ඒඩබ්ලිව්ඒකේ අබේකෝන් ආර්එස්පී පීඑස්සී 2020.02.04 2021.01.06
13. ලුතිනන් කර්නල් එච්පීඒ සේනාරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී 2021.01.06 2021.05.181
14. මේජර් ආර්ඒම්ජේබී රණරාජ පීඑස්සී 2021.05.19 2022.02.04
15. ලුතිනන් කර්නල් ආර්ඒම්ජේබී රණරාජ පීඑස්සී 2022.02.04 2022.11.21
16. මේජර් ආර්එම්එල්අයි රත්නායක යූඑස්පී 2022.06.01 2023.10.20
16. ලුතිනන් කර්නල් ආර්එම්එල්අයි රත්නායක යූඑස්පී 2023.10.21 මේ දක්වා

සම්බන්ධීකරණ විස්තර

     
ලිපිනය:

මුලස්ථානය
6 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව
යුධ හමුදා කදවුර
ෆර්ගියුෂන් පාර
කොළඹ 15
දු.අංකය: 065 3065595.