Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

5වන (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුව

5 වන ස්වේච්ඡා බලඇණියේ ඉතිහාසය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව යටතේ ARO 587/5 දරණ හමුදා නියෝගයට අනුකුලව මෙම බලඇණිය 1989 මාර්තු 03 වන දින තාවකාලිකව 2 (ස්වේ) ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තු මූලස්ථානය - කොළඹ හි දි ආරම්භ කරන ලදි. ඉන් පසුව ස්වාධීන පාබල බලඇණියක් වශයෙන් 1989 ජූලි 07 වන දින 2 වන සේනාංක මූලස්ථානය යටතේ හොරොව්පොතාන ප්‍රදේශයේ 5(ස්වේ) බලඇණිය ගජබා රෙජිමේන්තු මූලස්ථානය ස්ථාපිත කරන ලදී.

මෙම බළඇණිය විසින් වැලිඔය, ගජබාපුර, ගල්කුලම, පුල්මුඩේ, විල්පත්තු, යාපනය, කිලාලි, ජයපුරම්, මිරිසුවිල්, කොඩිකාමන්, වැල්වැටිතුරෙයි, පලාලි, කන්තලේ, ත්‍රිකුණාමලය, මන්නාරම, මුලංකාවිල්, පුනරින්, පරන්තන්, මුලතිව්, කිරංචි, බෝගස්වැව, සෙල්වරි යන ප්‍රදේශවල ක්‍රියාන්විත රාජකාරින් සිදුකර ඇති අතර, 55, 57 සහ 58 සේනාංක යටතේ මඩු, මුලන්කාවිල්, කෙවිල්, පුනරීන්, පරන්තන්, ධර්මපුරම් යන ප්‍රදේශවල ක්‍රියාන්විත රාජකාරී සිදුකරමින් මානුෂීය මෙහෙයුම සඳහා සක්‍රීය දායකත්වයක් ලබාදෙන ලදි.

මෙම බලඇණිය වර්තමානයේ වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ 21 වන පාබල සේනාංකයේ , 211 පාබල බලසේනාවට අයත් පාබල ඒකකයක් වශයෙන් රාජකාරි සිදුකරනු ලබයි.

අණදෙන නිලධාරීන්ගේ නාමලේඛණය

අ:අංක නම සිට දක්වා
1. ලුතිතන් කර්නල් පි සි ප්‍රේමචන්ද්‍ර කේ එස් වි 09.03.1989 16.05.1994
2. ලුතිතන් කර්නල් ජි විජයරත්න 17.05.1994 11.07.1996
3. මේජර් එල් එච් එස් සි සිල්වා ආර්ඩබ්පි ආර්එස්පි 12.07.1996 15.09.1996
4. මේජර් වි එස් පි ද මෙල් 16.09.1996 16.07.1997
5. මේජර් එම් ඩි කේ ජේ මනියන්ගම 17.07.1997 12.10.2000
6. මේජර් ඩබ් බි ඒ එස් පෙරේරා 13.10.2000 05.05.2002
7. මේජර් එම් ආර් සි එස් ප්‍රනාන්දු 06.05.2002 07.03.2007
8. ලුතිතන් කර්නල් එස් ආර් එම් බි වීරකෝන් 08.03.2007 07.09.2011
9. මේජර් අයි පි ජයරත්න 08.09.2011 10.07.2014
10. මේජර් ඩි එස් පි ලියනගේ 11.07.2014 02.06.2018
11. මේජර් කේ කේ ජයසිංහ 03.06.2018 15.03.2021
12. මේජර් එච් එම් ආර් ඩි කේ හේරත් 16.03.2021 20.02.2023
13. මේජර් ඩි එස් වයි එල් කුරුවිට 27.02.2023 Up to Now

සම්බන්ධීකරණ තොරතුරු

ලිපිනය :

මුලස්ථානය
5 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව,
යුද්ධ හමුදා කදවුර,
Veravil,
වව්නියාව පාර,
හොරොව්පොතාන.

     
ෆැක්ස් : 025 - 3770419
දු: අංකය : 0252278488 (Rear HQ)
වි:තැපැල : 5gr@army.lk
5gajaba@gmail.com