?

Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

3 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව

 3 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ ඉතිහාසය

මෙම රෙජිමේන්තුව 1986 වර්ෂයේ ජනවාරි මස 12 වන දින ගජබා පවුලේ දෙවන නිත්‍ය සාමාජිකයා ලෙස ආරම්භ කළ අතර 5/86 හමුදා නියෝගයේ අනුමැතියෙන් මෙය ආරම්භ විය. මෙම 3 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ ආරම්භය සදහා පළමු බළඇණිය විසින් භඨ පිරිස් සහ අනෙකුත් අවශ්‍යතා ඉටු කරන ලදි. මෙම බළඇණියේ පළමු අණදෙන නිලධාරීයා වූයේ මේජර් එස්ටිටි ජයසුන්දර යි. ජ්‍යේෂඨ නිළධාරීන් නොමැතිකම නිසා දෙවනියා පත් කලේ නැත. “ඒ”කණ්ඩායම් භාර නිළධාරී අණදෙන ලෙස මේජර් එස් වනිගසේකර පත් කර ඇත. ලුතිනන් ඒඑෆ් ලෆීර් “බී” කණ්ඩායමේ නිලධාරී අණදෙන ලෙස කටයුතු කලේය. කපිතන් කේඑස් රත්නායක “සී” කණ්ඩායමේ නිලධාරී අණදෙන ලෙසත් කපිතන් සීආර්එම් සිල්වා “ඩි” කණ්ඩායමේ නිලධාරී අණදෙන වශයෙන්ද රාජකාරී සිදුකර ඇති අතර ලුතිනන් ඩබ්ලිව්ඩිඑන් ප්‍රනාන්දු අනුශාසක වරයා ලෙස පත් කර ඇත. ඒකකය ආරම්භයේදී නිලධාරීන් 23 ක් සහ සෙසුනිලයින් 800 ක් සිටි අතර බනි 1 පිඩබ්ලිව්කේ සෝමදාස 3 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ ප්‍රථම රෙජිමේන්තු සැරයන් වරයා ලෙස පත් කර ඇත.

වර්ෂ 1986.11.04 වන දින මෙම බළඇණියේ දෙවන අණදෙන නිලධාරීයා ලෙස මේජර් එස් වනිගසේකර පත්කිරීමෙන් පුරප්පාඩු වූ දෙවනි අණදෙන නිලධාරීයාගේ පත්වීම සිදුවිය. 16 වන අණදෙන නිලධාරීගේ නායකත්වය සහ 3 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ නායකත්වය යටතේ ත්‍රස්තවාදයට එරෙහිව රටේ ස්වෛරීභාවය සහ භෞමික අකණ්ඩතාවය ආරක්ෂා කිරීම සදහා රට පුරා සාමකාමී සමාජයක් ගොඩ නැගීමේ මෙහෙවර සාර්ථක කර ගැනීම සදහා සිය යුතුකම ඉටුකර ඇත.

එමෙන්ම මෙම බළඇණිය 1986.01.12 සිට මානුෂිය මෙහෙයුම අවසන් වන තෙක් කුරිරු ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සදහා ප්‍රධෘන මෙහෙයුම් 16 ට වැඩි ගණනකට සහය වීය. වීර භඨ පිරිස් වෙත උපහාර පිණිස 01 x 00 පරම වීර විභූෂණ , 00x 03 වීර වික්‍රම වීභූෂණ , 21 x 62 රණ වික්‍රම පදක්කම , 22x140 රණ ශූර පදක්කම, බළඇණියේ සෙබළුන් වෙත පිරිනැමීණි.

අණදෙන නිලධාරි වරුන්ගේ නාම ලේඛණය

අ:අං  නම සිට දක්වා
1. මේජර් එස්ටිටි ජයසුන්දර පිඑස්සී 1986.01.12 1986.09.11
2. ලුතිනන් කර්නල් එස්ටිටි ජයසුන්දර පිඑස්සී 1986.09.11 1988.09.11
3. මේජර් එස් වනිගසේකර 1988.09.11 1989.03.16
4. මේජර් වයිඑන් පළිපාන 1989.03.16 1990.12.20
5. මේජර් ටිබි මෝර්සෙත් 1990.12.20 1991.02.23
6. ලුතිනන් කර්නල් එස් වනිගසේකර ආර්එස්පි 1991.02.23 1992.12.23
7. මේජර් එස්ඩබ්ලිව්එල් දවුලගල 1992.12.23 1993.03.14
8. ලුතිනන් කර්නල් එස් වනිගසේකර ආර්එස්පි පිඑස්සි 1993.03.14 1993.07.01
9. මේජර් එස්ඩබ්ලිව්එල් දවුලගල 1993.07.01 1993.12.01
10. ලුතිනන් කර්නල් එස්ඩබ්ලිව්එල් දවුලගල 1993.12.01 1996.02.12
11. මේජර් ජිවිඩියුඒ පෙරේරා 1996.02.12 1997.06.06
12. ලුතිනන් කර්නල් ජිවිඩියුඒ පෙරේරා 1997.06.06 1998.03.01
13. මේජර් ජිඑච්එස්බිජේ වීරසූරිය 1998.03.01 2000.01.18
14. මේජර් එන්ඒ ධර්මරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි 2000.01.18 2001.01.22
15. මේජර් සිජේඑස් වීරකෝන් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි 2001.01.22 2003.06.20
16. මේජර් ඒඅයි මාරසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි 2003.07.12 2003.09.01
17. මේජර් පිජේ ගමගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි 2003.09.01 2005.08.10
18. මේජර් එච්එම්ටිබි හංගිලිපොල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි 2005.08.10 2005.12.12
19. ලුතිනන් කර්නල් හංගිලිපොල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි 2005.12.12 2008.03.06
20. මේජර් කේපිඑස්ඒ ප්‍රනාන්දු ආර්එස්පි 2008.03.20 2008.10.02
21. මේජර් යූකේඩිඩිපි උඩුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පි 2008.10.02 2010.06.19
22. මේජර් ඩබ්ලිව්ඒජේ හේමචන්ද්‍ර ආර්එස්පි 2010.06.19 2010.10.08
23. ලුතිනන් කර්නල් ටිඑම්ආර්බි රත්නායක ආර්එස්පි 2010.10.08 2013.08.07
24. මේජර් එල්ආර් විජේරත්න 2013.08.07 2014.10.10
25. ලුතිනන් කර්නල් විජේරත්න 2014.10.10 2017.03.26
26. මේජර් ආර්එම්විඩබ්ලිව්කේ කරුණාරත්න ආර්එස්පි 2019.03.27 2019.03.26
27. මේජර් ජේපිඑන්බි ජයසූරිය යූඑස්පි 2019.03.27 2020.03.15
28. මේජර් එස්කේ අඹගහදූව ආර්එස්පි පිඑස්සි 2020.03.16 2022.02.04
29. ලුතිනන් කර්නල් එස්කේ අඹගහදූව ආර්එස්පි යූඑස්පි පිඑස්සි 2022.02.04 2022.05.06
30. මේජර් එස් සෙනෙවිරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පි 2022.05.06 2023.11.05
31. මේජර් එච් ඩබ්ලිව් ඒ එන් එස් කේ වීරක්කොඩි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පීඑස්සී 2023.11.26 2024.10.09
32. ලුතිනන් කර්නල් එච් ඩබ්ලිව් ඒ එන් එස් කේ වීරක්කොඩි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පීඑස්සී 2024.10.10 2025.06.11
33. මේජර් එච්සීජේබි හිදගොල්ල ආර්ඩබිලිවිපී ආර්එස්පී පිඑස්සී 2025.06.12 මේ දක්වා
සම්න්ධීකරණ විස්තර
     
ලිපිනය :

මූලස්ථානය
3 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව,
යුධ හමුදා කදවුර,
මාන්කුලම්,
කිළිනොච්චිය.

 

දුරකථන අංකය : 021-2060018