Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

22 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව

22 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ ඉතිහාසය

22 වන බළඇණිය ස්ථාපිත කිරීම සඳහා 1 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් නිලධාරි 03 ක් හා සෙසුනිළයින් 34 ක්, 2(සෙව්) වන බළඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් සෙසුනිළයින් 1 ක්, 3 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් නිලධාරින් 01 ක් හා සෙසුනිළයින් 25 ක්, 6 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් සෙසුනිළයින් 32 ක්, 8 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් නිළධාරින් 02 ක් හා සෙසුනිළයින් 27 ක්, 9 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් නිලධාරින් 01 ක් හා සෙසුනිළයින් 23 ක්, 10 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් නිලධාරින් 02 ක් හා සෙසුනිළයින් 20 ක්, 12 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් නිලධාරින් 01 ක් හා සෙසුනිළයින් 26 ක්, 14 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් සෙසුනිළයින් 26 ක්, 16(සෙවි) වන බළඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් සෙසුනිළයින් 01 ක්, 17(සෙවි) වන බළඇණිය ගජබා රෙජිමේන්තුව විසින් සෙසුනිළයින් 01 ක්, 19(සෙවි) වන බළඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් සෙසුනිළයින් 01 ක්, 20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් සෙසුනිළයින් 09 ක්, රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් ආධුනික පාඨමාලා අංක 06 දේවහූව වෙතින් පැමිණි ආධුනික සෙනින් 203 ක්, පාඨමාලා අංක 57 යටතේ බෝයගනේ - පුත්තලම වෙතින් පැමිණි ආධුනික සෙනින් 142 ක් හා ඉදුරාම රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් පැමිණි නිලධාරින් දෙදෙනෙකුගෙන්ද සමන්විතව නිලධාරින් 12 ක් හා සෙසුනිළයින් 571 ක භඨ පිරිස් සංඛ්‍යාවකින් මෙම බළඇණිය ස්ථාපනය කරන ලදි.

ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව හා සෛරීභාවයට තර්ජනයක් එල්ල කරමින් මිලේච්ජ ක්‍රියාවන් වල නියැලුන ත්‍රස්ථවාදය පරාජය කිරීමෙන් අනතුරුව ජීවත් වන්නා වූ සෑම ජන කොටසකටම සතුටින් හා සාමයෙන් ජීවත්වීම උදෙසා නිවහල් රටක් උදා වූ පසුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවාව පුළුල්ව හා වඩා විධිමත්ව ව්‍යාප්ත කිරීම සිදුවන වකවානුව තුල ගජබා රෙජිමේන්තුවේ පිරිස් බළය වර්ධනය කිරීමේ පරමාර්ථයෙන් ගජබා පවුල වෙත තවත් එක් සාමාජිකයෙකු එකතු කර ගැනීමේ අභිලාශයෙන් වසර 2009 ක් වූ ජුලි මස 03 වන දින යුද්ධ හමුදාධිපති විසින් නිකුත් කරන ලද 47/2009 දරණ විශේෂ හමුදා නියෝගයකට අනුව 2009 ක් වූ ජුලි මස 20 වන දින පෙරවරු 11.30 පැයට යෙදුන සුභ මොහොතින් 22 වන ගජබා බළඇණිය ගජබා රෙජිමේන්තුව සාලියපුර රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී නිලධාරින් 12 ක ගෙන් හා සෙසුනිළයින් 571 ක ගෙන් සමන්විතව ස්ථාපනය කරන ලදි. 10 වන ගජබා රෙජිමේන්තුව වෙතින් පැමිණි මේජර් ඩීආර්එන් හෙට්ටිආරච්චි ආර්ඩබිලිවිපී ඒකකයේ ප්‍රථම අණදෙන නිළධාරි ලෙස පත්විය.

2009 ජුලි මස 03 වන දින සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී මෙම බළඇණිය ස්ථාපනය කිරීමෙන් පසුව 2009 ජුලි මස 23 වන දින ක්‍රීයාන්විත රාජකාරි භාරගැනීම සඳහා පුරවසම්කුලම ප්‍රදේශයේ පිහිටි 61 සේනාංකය යටතේ ඇති 611 බළසේනා ප්‍රදේශයට අයත් මන්නාරම මඩු ප්‍රදේශයේ රාජකාරින්හි නිරත විය. මෙය ලක්වැසි සැම රුදුරු ත්‍රස්ථවාදීන් මුඳවා ගත් පසු පැවැති ප්‍රථම මඩු මංගල්‍ය වූ බැවින්, අති විශාල ජන ගංගාවක් මඩු මංගල්‍යට පැමිණ සිටි අතර, එහි ප්‍රධාන අරක්‍ෂාව භාරව කටයුතු කල බළඇණියද විය.

මඩු මංගල්‍ය අවසන් වූ පසු වසර 2009 ක් වූ අගෝස්තු මස 18 වන දින මෙම බළඇණිය වවිනියාව ප්‍රදේශයේ එල්ටිටිඊ පුනරුත්ථාපන රැදවුමි කරුවන් සිටින මධ්‍යස්ථාන 12 ක ආරක්‍ෂාව භාරව, 21 සේනාංකය යටතේ 211 බළසේනා ප්‍රදේයට අයත් ප්‍රදේශයන් තුල රාජකාරි භාරගැනීම සිදුකල අතර මෙහිදී බළඇණි මූලස්ථානය පම්පෙමඩු ප්‍රදේශයේ ස්ථානගත විය.

පුනරුත්තාපනය වු රැදවියන් පුනරුත්තාපන කදවුරු වලින් මුදවා හැරිමෙන් පසු මෙම ඒකකය 2018 සැප්තැම්බර් මස 54 පාබල සේනාංකය යටතේ 542 අනුයුක්තව මන්නාරම ජීවනගර් ප්‍රදේශයේ පිහිටා තිබු 8 විපාරෙ ඒකකය මුදවා හැරිම සදහා පැමිණි අතර, පාස්කු ප්‍රහාරයෙන් පසු එම ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ කලහකාරි හැසිරිම් මර්ධනය කර එම ප්‍රදේශය තුල සාමය පවත්වාගෙන යාම සදහා විශේෂ දායකත්වයක් මෙන්ම යුද්ධ හමුදාධිපති තුමාගේ සංකල්පයකට අනුව සිදුකරන ලද ජාතික රුක්රෝපන වැඩසටහන සදහා මුලික දායකත්වය ලබාදිමට කටයුතු කරන ලදි.

එහි රාජකාරි කරමින් සිටියදි 2020 ජනවාරි මස එම ප්‍රදේශයෙන් මුදවා යුද්ධ හමුදාධිපති තුමාගේ අතිරේඛ ප්‍රහාරක ඒකකයක් වශයෙන් 53 පාබල සේනාංකය සහ 532 පාබල බලසේනා මුලස්ථානය යටතේ රාජකාරි සිදුකිරිම සදහා ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි අතර, 532 පාබල බලසේනා මුලස්ථානය 53 පාබල සේමු වෙතින් ඉවත්වීමෙන් පසු 533 පාබල බලසේනා මුලස්ථානය වෙත ඇතුලත්ව මේ දක්වා රාජකාරි ඉටුකරනු ලබයි.

අණදෙන නිලධාරි වරුන්ගේ නාම ලේඛණය.

අ:අං  නම සිට දක්වා
1. ලුතිනන් කර්නල්ඩි ආර්එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි 2009.07.20 2012.10.06
2. ලුතිතත් කර්නල් සිරිසේන ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි 2012.11.06 2014.02.23
3. ලුතිතත් කර්නල් කලුපහන ආර්එස්පි යුඑස්පි 2012.11.06 2014.02.23
4. මේජර් එම්පි සමරසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි 2012.05.29 2019.04.10
5. ලුතිතත් කර්නල් එච්ඒපි සේනාරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි 2019.05.13 2021.01.04
6. ලුතිනන් කර්නල් බිඑස්කේ ජයසුන්දර 2021.01.04 2022.08.08
7. ලුතිනන් කර්නල් කේපි රොහාන් කුමාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි 2022.08.08 2024.02.31
8. මේජර් පීඑච්එන්කේ ආරියරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පිඑස්සී 2024.03.01 මේ දක්වා
සම්න්ධීකරණ විස්තර
     
ලිපිනය :

22 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව
රෙජිමේන්තු මධ්‍යස්ථානය
ගජබා නිවහන
සාලියපුර
අනුරාධපුර

     
දුරකථන අංකය

025 - 3778068
025 - 3859791