Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව

20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ ඉතිහාසය

වන්නි මානුෂික මෙහෙයුම ආරම්භයක් සමග ක්‍රියාන්විතයේ යෙදි සිටින භඨ පිරිස් සදහා ඉදිරි ක්‍රියාන්විත සිදු කිරිමට ඇවැසිව තිබු ප්‍රහාරක බළඇණි අවශ්‍යතාවය සපුරාලිම සදහා 80/2008 යුධ හමුදා චර්යා නියෝගයට අනුව වර්ෂ 2009 ක් වු ජනවාරි මස 01 වන දින 1053 පැයට ශ්‍රි සුභ මොහොතින් නව බළඇණයක් ලෙස 20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව ස්ථාපනය කරන ලදි. එම සමාරම්භක අවස්ථාවේ පළමු වැඩ බලන අණදෙන නිළධාරි වශයෙන් මේජර් ආර්එම්ඒබි රත්නායක පීඑස්සි ඇතුළු තවත් නිළධාරි 09 දෙනෙකු සහ සෙසුනිළයින් 435 ක භඨ පිරිසකගෙන් සමන්විතව මෙම නව බළඇණිය ආරම්භ කරන ලදි.

2009.01.06 වන දින ගජබා නිවහනෙන් නික්මව 3 වන කාර්ය සේනාංකයට අනුයුන්කව 631 බළසේනා මුලස්ඛානය යටතේ මාන්කුලම් ඕලුමඩු ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරි ආරම්භ කර උදයාර්කුලම් කට්ටු ප්‍රදේශයේ බළය අත්පත් කර ගැනිමේ ක්‍රියාන්විතයට ප්‍රහාරක බළඇණියක් වශයෙන් එක්වුණි.

මෙම ඒකක භඨ පිරිස් 10 ගරෙ ඒකකය මුදා හැරීම සඳහා 10 ගරෙ ඒකකය තාවකාලිකව ස්ථානගතව සිටි 5 (ස්වේ) යාන්ත්‍රික පාබල රෙජිමේන්තු පසුමුලය දිගන මාබේරියතැන්න කඳවුර වෙත 2012.10.06 වන රපෝර්තු කරන ලදි. නැවත බළඇණිය කිලිනොච්චිය භාරතිපුරම් ප්‍ර‍දේශයේ පිහිටි කදවුරෙහි ස්ථාපනය කරන ලදි. පසුව එම ස්ථානය 10 ගරෙ ඒකකය වෙත භාරදීමෙන් අනතුරුව 2013.02.28 වන දින 7 වන ශ්‍රිලසේබ උයිලන්කුලම්හි ස්ථාපනය කරන ලදි

නැවතත් උයිලන්කුලම් තුනුක්කායි කදවුර 1 ගරෙ ඒකකය වෙත භාරදීමෙන් අනතුරුව 2016.06.09 වන දින සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි මෙම ඒකකය ස්ථාපනය කරන ලදි. ඉන්පසුව නැවතත් 2018.09.21 වන දින 62 වන සේනාකයේ 622 බලසේනාව යටතේ 13 කණුව පුල්මුඩේහි දී මෙම බළඇණිය ස්ථාපනය කරන ලද අතර, 22 වන සේනාකයේ 221 බලසේනාව යටතේ 2023.06.10 වන දින සිට මේ වන තෙක් 13 කණුව පුල්මුඩේ කදවුරෙහි රාජකාරි කටයුතු සිදු කරමින් සිටි

අණදෙන නිලධාරීන්ගේ නාම ලේඛනය

අඅ  නම සිට දක්වා
1. මේජර් ආර්එම්ඒබි රත්නායක 2009.01.01 2009.01.28
2. ලුතිතන්කර්නල් ටිඑමිජිකේ පීරිස් ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිවිපි ආර්එස්පි 2009.01.28 2011.09.30
3. ලුතිතන්කර්නල් එම්ඩබ්ලිව්ඩිඑන් මැදිවක ආර්එස්පි යුඑස්පි 2011.11.02 2015.01.26
4 ලුතිතන්කර්නල් ආර්එම්එචිපිකේ රත්නායක 2015.01.26 2018.02.20
5 ලුතිතන්කර්නල් එස්ජිඒඑල්ඩබ්ලිව් සපුගොඩ ආර්ඩබ්ලිවිපි ආර්එස්පි 2018.02.21 2020.03.11
6 ලුතිතන්කර්නල් ඩබ්ලිව්එම්ඩබ්ලිව්ඩි විරසුරිය ආර්ඩබ්ලිවිපි ආර්එස්පි 2020.03.12 2021.12.12
7 මේජර් ජේඒඩි ප්‍රියකුමාර ආර්එස්පි 2021.12.13 2023.06.14
8 මේජර් ඩබ්ලිව්ඩබ්ලිව්එන්සි වඩුගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි 2023.06.15 මේ දක්වා
සම්බන්ධීකරණ තොරතුරු
     
ලිපිනය :

මුලස්ථානය
20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව
යුධ හමුදා කඳවුර
13 කණුව
පුල්මුඩේ

 

දු: අංකය

0253771312

     
: