Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

2 වන (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුව

2 වන ස්වේච්ඡා බලඇණිය ගජබා රෙජිමේන්තුවේ ඉතිහාසය

ශ්‍රී ලංකා යුද හමුදා වංශ කථාවේ පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන සුවිශේෂි රෙජිමේන්තුවක් වශයෙන් විරුදාවලිය ලත් ගජබා රෙජිමේන්තුව වන්දනිය වුත් පුජණිය වුත් අග නගරය වන ඓතිහාසික අනුරාධපුර දිස්ත්‍රික්කයේ සාලියපුර ග්‍රාමයේ වර්ෂ 1983.10.14 දින ගජබා නිවහනේ ආරම්භය සනිටුහන් කරන ලදි. 2 (ස්වේ) රජරට රයිෆල් හා 3 (ස්වේ) රජරට රයිෆල් ‍බළඇණි දෙකම ඒකාබද්ධ කර ගොඩනගන ලද 2/3 (ස්වේ) රජරට රයිෆල් ‍බළඇණිය 1983.10.14 දින විසුරුවා හැර, එදින පැවති සුභ මොහොතින් ගජබා රෙජිමේන්තුවේ ප්‍රථම ස්වේච්ඡා ඒකකය ලෙස 2 (ස්වේ) බළඇණිය දෙස් විදෙස් ජනයාගේ පැසසුමට ලක්වු ඓතිහාසික ත්‍රීකුණාමලය පෙඩ්ඩ්‍රික් බළකොටුව කේන්ද්‍රකොට ගනිමින් ආරම්භ කරන ලදි.

ලන්දේසි හා ඉංග්‍රීසීන් විසින් ගොඩනගන ලද ත්‍රිකුණාමල නගරයේ ඓතිහාසික පෙඩ්ඩ්‍රික් බළකොටුවේ ආරම්භ වු 2(ස්වේ) බළඇණිය ගජබා රෙජිමේන්තුවේ ප්‍රථම අණදෙන නිලධාරි වශයෙන් ලුතිතන් කර්නල් ඩබ්ලිව්ආර් විජේරත්න - ගැහේබ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අණදීම යටතේ ප්‍රථම දෙවන අණදෙන නිලධාරි ලෙස මේජර් එස්ඒ කුලතුංග - ගරෙ හා ප්‍රථම විධායක අධිකාරි වශයෙන් ලුතිතන් එචිආර්එල්ආර්ඩී සිල්වා යන නිලධාරින්ද ඒකකය ආරම්භය සදහා නිලධාරින් 13 දෙනෙකුගෙන් හා සෙසුනිලයින් 142 දෙනෙකුගෙන් සමන්විතව ඇත. එදා සිට මේ දක්වා අණදෙන නිලධාරින් 18 දෙනෙකු මෙන්ම දෙවන අණදෙන නිලධාරින් 19 දෙනෙකුගේ විශිෂ්ඨ නායකත්වය . මගින් 2 (ස්වේ) බළඇණිය ගජබා රෙජිමේන්තුවේ අභිවෘද්ධියට මෙන්ම ගෞරවයට හා අභිමාණයක් ඇති කිරිමෙහිලා නියමුවන් ලෙස කටයුතු කර ඇත .

ආරම්භයේ පටන් මේ දක්වා ගජබා රෙජිමේන්තුවේ ස්වේච්ඡා බළඇණියක් ලෙස කටයුතු කලද, නිත්‍ය බළඇණි වලට නොදෙවෙනි ව ශ්‍රී ලංකාව තුල දශක තුනක් පුරා පැවති රුදුරු ත්‍රස්තවාදය තුරන් කිරිම සදහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය පුරා කුඩා ක්‍රියාන්විතයන් දියත් කර ත්‍රස්ථවාදින් විශාල පිරිසක් ජිවිතක්ෂයට පත්කරමින් ඔවුන්ට අයත් අවි ආයුධ ඇතුලු බඩුභාහිරාදිය අත්පත්කර ගන්නා ලදි. මේ ආකාරයට ආරම්භ කරන අතරතුර 1997.10.14 වන දින වන්නි ප්‍රදේශයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙමින් පැවති “ජයසිකුරු” මෙහෙයුමේ නියැලීම සඳහා මෙම ඒකකය කැඳවන ලදී. මෙම ඒකකය 2001.11.25 දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුතූර්හි නැවත ස්ථානගත කරන ලදී. ඉන් පසුව 2005.05.14 දින කොළඹ ප්‍රදේශයේ ස්ථාපිත කරන ලදී. 2006.08.14 දින එම ඒකකය මෙහෙයුම් සඳහා නැවත වන්නියට කැඳවන ලදී. එමෙන්ම, මව්බිමේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරිම වෙනුවෙන් සටන් වැද රුදුරු ත්‍රස්ථවාදීන්ගෙන් උපන් මව්බිම බේරාගැනිම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කල නිලධාරින් 23 ක් සහ සෙසුනිලයින් 174 කුද ආබාධිත තත්වයට පත්ව ඇති නිලධාරීන් 18 ක් සහ සෙසුනිලයින් 244 දෙනෙකු මෙම බළඇණිය වෙනුවෙන් උදාරතර මෙහෙවරක් සිදුකර ඇත. යුධ පිටියේ ඔවුන්ගේ සේවය සහ නිර්භීතකම වෙනුවෙන් මෙම ඒකකයේ නිලධාරීන් 03 දෙනෙකුට “රණ වික්‍රම” පදක්කම සහ 13x30 නිලධාරීන්/සෙබළුන් සඳහා “රණ ශූර” පදක්කම පිරිනමන ලදී.

අණදෙන නිලධාරීන්ගේ නාම ලේඛනය

අ/අ නම සිට දක්වා
1. ලුතිනන් කර්නල් ඩබ්ලිව් ආර් විජේරත්න 1983.10.15 1985.03.25
2. මේජර් බී ජයසුන්දර 1985.03.26 1985.05.04
3. ලුතිනන් කර්නල් ඩබ්ලිව් එම් ජී බණ්ඩාර 1985.05.05 1985.11.22
4. මේජර් එස්ඒ කුලතුංග 1985.11.23 1986.07.16
5. ලුතිනන් කර්නල් ජී අංගම්මන 1986.07.17 1987.07.10
6. ලුතිනන් කර්නල් එස්ඒ කුලතුංග 1987.07.11 1993.07.04
7. ලුතිනන් කර්නල් එන්ඩබ්ලිව්පීයු නාවිමන 1993.07.05 1999.07.11
8. මේජර් පීඑස්එන් අමරසිංහ 1999.07.12 1999.11.02
9. ලුතිනන් කර්නල් වී නානායක්කාර 1999.11.08 2006.10.13
10. මේජර් එම්කේඑච් මායාසිංහ 2006.10.14 2008.03.12
11. මේජර් ඒඩී හෙට්ටිආරච්චි පීඑස්සී 2008.03.13 2010.06.30
12. ලුතිනන් කර්නල් ජේඑස්බී රත්වත්තේ 2010.07.01 2012.06.21
13. ලුතිනන් කර්නල් ආර්එම්එච් ජයතිස්ස 2012.06.22 2014.12.12
14. මේජර් එම්ජීඩී මහේෂ් කුමාර 2014.12.13 2016.12.14
15. මේජර් ආර්එම්ඩීබී රත්නායක 2017.01.04 2020.03.01
16. මේජර් කේජේඑන්එම්යුකේ නවරත්න 2020.03.02 2021.06.08
17. ලුතිනන් කර්නල් කේජේඑන්එම්යුකේ නවරත්න 2021.06.09 2022.06.01
18. ලුතිනන් කර්නල් වර්ණකුලසූරිය 2022.06.01 2023.10.20
19. මේජර් එච්කේජීඑස් ධර්මදාස ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2023.10.21 මේ දක්වා

සම්බන්ධීකරණ තොරතුරු

ලිපිනය :

මුලස්ථානය
2 වන ස්වේච්ඡා බළඇණිය ගජබා රෙජිමේන්තුව
යුධ හමුදා කඳවුර
ෆෙඩ්ඩ්‍රික් බළකොටුව
ත්‍රීකුණාමලය.

     
දු: අංකය/ෆැක්ස් : 025 2222413
විද්‍යුත් තැපෑල : 2ndgajaba@gmail.com