Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

1 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව

1 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ ඉතිහාසය

70 දශකයේ අගභාගයේදී ශ්‍රී ලංකාව තුල ඇති වු කැරැලි මැඩලීමට සහ රටේ ඒකීයතාවය රැක ගැනීමට පාබල බලඇණි වැඩි කිරීමේ අවශ්‍යතාව මතු වන ලදි. මෙම අවශ්‍යතාවය සපුරාලීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 1 වන රජරට රයිෆල් බලඇණිය 1980 ජනවාරි 15 වන දින ආරම්භ කරන ලදී. මුලදී එම බලඇණි මුලස්ථානය අනුරාධපුර ප්‍රදේශයේ පිහිටා තිබූ අතර පසුව එය සාලියපුර ප්‍රදේශයේ ස්ථානගත කරන ලදී. 1981 මාර්තු 15 වන දින කෙටි කාලසීමාවකට මෙහෙයුම් රාජකාරි සඳහා පාබල රෙජිමේන්තු අවශ්‍යතා සපුරාලීම සඳහා 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුව ඉරට්ටපෙරියකුලම් හි පිහිටුවන ලදී. පසුව මෙම බලඇණිය මින්නේරිය හමුදා කඳවුරේ ස්ථානගත කර ඇත.

ලුතිනන් කර්නල් එල් සී ඩී වෛද්‍යරත්න පීඑස්සී ශ්‍රීලංසසබ සාලියපුර කඳවුරේ 1 වන රජරට රයිෆල් අණදෙන නිලධාරී ලෙස වැඩ භාර ගැනීමෙන් පසු එම බලඇණියේ භට පිරිස් සාමූහික පුහුණුව සඳහා දියතලාව ස්වේච්ඡා බලකා කඳවුර වෙත වාර්තා කරන ලදී. සාලියපුර කඳවුරේ භටපිරිස් හිඟතාවය සම්පූර්ණ කිරීම සඳහා 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සෙබළුන් 1983 ජුනි මාසයේදී මින්නේරියෙන් සාලියපුර කඳවුරට මාරු කරන ලදී. සාමූහික පුහුණුවෙන් පසු 1 වන රජරට රයිෆල් බලඇණියේ සෙබළුන් කොළඹ ජනවාර්ගික නොසන්සුන්තාව මැඩපැවැත්වීම සඳහා කොළඹට යවන ලදී. පසුව මෙම භට පිරිස් පැවරූ රාජකාරි ඉටුකර සාලියපුර කඳවුරට පැමිණෙන ලදි.

ශ්‍රී ලංකාවේ පවතින වාර්ගික සහ බෙදුම්වාදී අර්බුධ හේතුවෙන් යුද හමුදා මූලස්ථානය විසින් ගනු ලැබූ තීරණයකට අනුව 1 වන රජරට රයිෆල් බලඇණිය සහ 1 වන විජයබාහු පාබල රෙජිමේන්තු ඒකාබද්ධ කර 1983 ඔක්තෝම්බර් 14 වන දින 1 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව ආරම්භ කරන ලදී. මෙම බලඇණියේ පළමු අණදෙන නිළධාරියා ලෙස ලුතිනන් කර්නල් ඩබ්ලිව් අයි වී කේ එම් විමලරත්න පීඑස්සී පත් වන ලද අතර, නිලධාරීන් 36 දෙනෙකු සහ සෙබළුන් 752 දෙනෙකුගෙන් යුත් මෙම බලඇණිය ආරම්භ කරන ලදී. මෙම සමාරම්භක අවස්ථාව එවකට යුද හමුදාපති මේජර් ජෙනරාල් ටී අයි වීරතුංග වීඑස්වී යූඑස්පී සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වන ලදී.

ලුතිනන් කර්නල් ඩබ්ලිව් අයි වී කේ එම් විමලරත්න පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම සහ නායකත්වය යටතේ "සමගිය ශක්තියයි" යන ආදර්ශ පාඨය අනුව අඛණ්ඩව පුහුණුවීම් සහ කැපවීම හේතුවෙන් ගජබා රෙජිමේන්තුව සටන් බිමේ ජයග්‍රාහී ලෙස බැබළීමට සමත් විය. මෙම බලඇණියේ ප්‍රථම දෙවන අණදෙන නිලධාරි ලෙස මේජර් බී ජයසුන්දර පත්වන ලද අතර, කපිතන් ඒබී පරණගම ප්‍රථම විධායක අධිකාරි ලෙස පත්වන ලදි. බනි 1 ඩබ්ලිව්ඕ අයි කේ ඒකනායක මෙම ඒකකයේ ප්‍රථම රෙජිමේන්තු සැරයන් මේජර් ලෙස පත්වන ලදි .

1983.10.14 සිට මානුෂීය මෙහෙයුම අවසන් වන තෙක් කුරිරු ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා බලඇණිය ප්‍රධාන මෙහෙයුම්/වෙනත් මෙහෙයුම් 61 කට සහාය විය. 1 වන ඊලාම් යුද්ධයේ සිට උතුරු - නැගෙනහිර මානූශීය මෙහෙයුම දක්වා වු කාලය තුල 1 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ 27x674 ක පිරිසක් රටදැය වෙනුවෙන් දිවි කැප කල අතර,15x639 ක ප්‍රමාණයක් රණක්ෂිතයට පත්ව ඇත. විරෝධාර භට පිරිස් වෙත උපහාර පිණිස 04 x 12 වීර වික්‍රම විභූෂණ, 27 x 116 රණ වික්‍රම පදක්කම සහ 49 x 565 රණ සූර පදක්කම යන වීර පදක්කම් මෙම බළඇණියේ නිලධාරීන් සහ සෙබළුන් වෙත ප්‍රදානය කර ඇත. පශ්චාත් යුද සමය තුළ, මෙම ඒකකය රටේ සංවර්ධන ක්‍රියාවලියට සහ ප්‍රභූ ආරක්ෂක රාජකාරි සඳහා ඉමහත් දායකත්වයක් ලබා දී ඇත. මෙම බලඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් පත්වු යුද්ධ හමුදාපතිවරු දෙදෙනා හටම යුද්ධ හමුදාපති ආරක්ෂක ඒකකය ලෙසින් රාජකාරි සිදුකර එම රාජකාරි නිමාවෙන් පසු දැනට 1 බළකාය යටතේ 53 පාසේමු සහ 533 පාබසේමු යටතේ දේවහුව කඳවුරෙහි ස්ථානගතව ඇති අතර, දැනට මෙම ඒකක බී කණ්ඩායම සහ සී කණ්ඩායම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ආරක්ෂක රාජකාරි වල නිරතව සිටී.

අණදෙන නිලධාරි වරුන්ගේ නාම ලේඛණය
අ:අ  නම සිට දක්වා
1. ලුතිතන් කර්නල් ඩබ්ලිව්අයිවිකේඑම් විමලරත්න පිඑස්සි 1983.10.14 1985.07.20
2. ලුතිතන් කර්නල් එස්ටිටි ජයසුන්දර පිඑස්සි 1985.07.20 1985.12.20
3. ලුතිතන් කර්නල් ඩබ්ලිව්අයිවිකේඑම් විමලරත්න පිඑස්සි 1985.12.20 1987.08.01
4. ලුතිතන් කර්නල් ජි අංගම්මන 1987.08.01 1988.08.30
5. මේජර් වයිඑන් පලිපාන 1988.08.30 1988.11.28
6. ලුතිතන් කර්නල් ජි අංගම්මන 1988.11.28 1989.07.08
7. ලුතිතන් කර්නල් එන්ජි රාජපක්‍ෂ පිඑස්සි 1989.07.08 1991.01.26
8. ලුතිතන් කර්නල් යුබිඑල් ප්‍රනාන්දු ආර්එස්පි පිඑස්සි 1991.01.26 1994.05.01
9. ලුතිතන් කර්නල්ඒකේඑස් පෙරේරා ඩබ්ලිව්ඩබ්ලිව්විආර්ඩබ්ලිව්පි ආර්එස්පී 1994.05.01 1996.09.18
10. ලුතිතන් කර්නල් එල්එච්එස්සි සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි 1996.09.18 1998.09.12
11. මේජර් ඩබ්ලිව්ටි ප්‍රේමශාන්ත ආර්ඩබ්ලිව්පි 1998.09.12 2001.09.18
12. මේජර් ඩබ්ලිව්ඒඑම් විරසුරිය ආර්එස්පි 2001.09.18 2005.03.02
13. මේජර් එන්ඩිඑස්පි නිවුන්හැල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි 2005.03.02 2005.09.30
14. ලුතිතන් කර්නල් එන්ඩිඑස්පි නිවුන්හැල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි 2005.10.01 2007.07.21
15. මේජර් ඩබ්ලිව් බි ඩබ්ලිව් එම් ආර්එස්පී අලුවිහාරේ 2007.07.27 2008.02.18
16. මේජර් එල්එච්එම් රාජපක්‍ෂ ආර්එස්පි 2008.02.18 2008.08.12
17. ලුතිතන් කර්නල් ඩබ්ලිව් බි ඩබ්ලිව් එම් ආර්එස්පී අලුවිහාරේ 2008.08.12 2009.09.05
18. ලුතිතන් කර්නල් අයිඒඑන්බි පෙරේරා පිඑස්සි 2009.09.05 2011.10.06
19. ලුතිතන් කර්නල් එච්පිඅයි පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි 2011.10.07 2014.10.11
20. ලුතිතන් කර්නල් එම්එල්ඒ ද සිල්වා පීඑස්සී 2014.10.12 2017.03.13
21. මේජර් ඩි සුරියආර්ච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි 2017.03.13 2019.06.03
22. මේජර් එල්ඒඑන් ලියනාරච්චි පිඑස්සි 2019.06.03 2020.05.18
23. ලුතිතන් කර්නල් එල්ඒඑන් ලියනාරච්චි පිඑස්සි 2020.05.19 2021.05.17
24. මේජර් ඩිඑම්පි අමරකෝන් ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පි පිඑස්සි 2021.05.18 2022.05.18
25. ලුතිතන් කර්නල් ඩිඑම්පි අමරකෝන් ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පි පිඑස්සි 2022.05.19 2023.03.04
26. ලුතිතන් කර්නල් එමිවිපි සමරවික්‍රම යුඑස්පි 2023.03.05 මේ දක්වා
සම්බන්ධීකරණ විස්තර
     
ලිපිනය :

මුලස්ථානය
1 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව
යුධ හමුදා කඳවුර
දේවහුව
ගලේවෙල

 

දු:අංකය : 011 3135077